පපුව වෙනුවට හදවත දන්දීමේ ප්‍රතිවිපාකය..!

avoid

"නිමිත්ත: ගනුදෙනු කරුවෙක් වෛශ්‍යාවක ට පෙම් කර එය නොලැබුනු සොවින් දිවි තොර කර ගනියි. -පුවතක්..! "

එපා...!
එපා කිව්වොත් එපා ම තමා
මම පස්සෙන් ගිහින්
ඉල්ලුවම
දුන්නේ නෑ...!
මම නැවතුනා ම
මගෙ පස්සෙන්
ඇවිත්
දෙන්න හදනවා

ඕක හදවතක්ද බොල..!

මම ඉල්ලුවේ පපුව
මොකටද දුන්නේ
හදවත..ඈ..?

මෙච්චට කල්
පස්සේ ආවේ
උඹෙන් ඒක ගලව ගන්න
බැරිවුණ නිසයි..!

මේ තනිහිත
මට දාහෙන් සම්පතයි
අප්පා...!

11 ක් අදහස් දක්වලා.:

දුකා
This comment has been removed by the author.
දුකා

මට නම් මේ කවිය ටිකක් පැටලිලා වගේ . . .. ඉන්න රෑට ගෙදර ගිහින් නිදහසේ කියවලා බලලා ම තේරුම් ගන්න ට්‍රයි කරන්නම් කවුරු විසින් කාටද මේ කියන්නේ කියලා

LishWish

@drmz: ස්තූතියි මල්ලි
@දුකා: මේ කවිය සාපේක්ෂයි දුකා..!

Rachintha Jayawardhana

මේලේ චරිත දෙකම කථා කරනවා නේ.මරු !

Anonymous

This is not clearly understood my self....

ඕක හදවතක්ද බොල..! මම ඉල්ලුවේ පපුව
මොකටද දුන්නේ
හදවත..ඈ..?

If he really Loved that prostitude can he said like that.....

LishWish

@ මුචා: උඹට වැඩේ තේරුණා නේ..! එල එල..! :)

@ පිස්සා: කවිය ඇතුලේ චරිත දෙක ම කතා කරනවා..මචං..!
මම දුකාට කිව්ව කතාවමයි උඹට කියන්නත් තියෙන්නේ..?
"මේ කවිය සාපේක්ෂයි...!"

Narada

මුචාට තේරුනට මට නම් තාම නෑ නෙව, ආයිත් වේලාවක කියවන්න ඕනෑ. කෝ ඉතිං හිනේ නිදහසකුත් නෑ අපේ අයියත් ඔන්ලයින් නෑ එක්ක!

malee_msg

මුචා මල්ලිට පිං සිද්ද වෙන්න යන්තං අල්ල ගත්තා

පබලු

මේ තනිහිත
මට දාහෙන් සම්පතයි
අප්පා...!

lassanai ayye,,,,

පබලු

මේ තනිහිත
මට දාහෙන් සම්පතයි
අප්පා...!

lassanai ayye,,,,

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්