මට පෙනෙන්න වරල වනන නුඹ දිහා බලල හිනා පාන මම දැකලා රවා බලන නුඹ..,
පිපිච්ච ගමන් පරවුනු මගේ හිත පහුරන්නේ ලේ එන්නම ද? (නම් නොදන්නා පොතක කොටසක්)
ප.ලි► කවදා හරි මගේ ලේ මතකේ උඹේ පපුව අස්සේ පැලවෙලා මම නැති කාලෙක එහි ආදර මල් පිපිච්චහ ම දැනේවි වෙනස මහමෙරකට
එතකං අපි තනියම
පිරවීමි පෝරමය හඳුන්පොත කී ගායි තවත් ඉවසමි name, age, sex, ආදී නෙක කොටස්
පසෙකින් ඇයි සිටියි හදවත කිති කවයි ඇඹරෙන නැවෙන ඈ කොඳුරණුයේ මට ම දැයි සිතෙයි දැන් දැන්
සිහියද අහකය හිතෙන් පැණි පෙරේ එබිමි “►” බොත්තම ඈ මගේ මය.., රඟන්නේ මට ම ය..,
එකවර ම…, Dear Sir / Madam., Please.., verify your Credit Card to Continue the Show…. මේ මොන %$#@%$ක් ද මේ ...?