සිතුවිලි නැති හිත

app_full_

නිහඬවම තවයි හදවත
හිතට ආ සිතුවිලි එක්කොට
තවත් හිතට හිතන්නට
කිසිත් නොමැති නිසාවෙන්

එහෙත් කෙලෙස සිතන්නද
සිතුවිලි ද අන් සතු වූ කල
ඇත්තේ මා හදවත
පමණක් බැවින්

ගත්තේම තුරුළු කර
වත්කමට තනිකම ම
සිත්ලෑම නිහඬවම
කර ඇති බැවින්

සිතුවිල්ල අසනු මැන
ආපසුම එනු මැනව
පාලු මුලු හදවතම
නුඹ නැති බැවින්

Return top | ඉහත්තාවට නැවතත්