Disclaimer ► පහත කවි පෙළ සකල සිරින් පිරි අසන අසන ලෝසත සාධුකාර දෙවන්නා වූ අප ශ්රී ධර්මද්වීපයට සමකරන්නට තනනා සියල්ලෝම අපාගත වන බැව් දැන ගන්නවා යෙහෙකි. එසේ සිතන්නටත් උඩගෙඩි දෙන්නා වූ සියල්ලෝම විජාතික බලවේග වලට යටවී ධනවාදයේ සුප් කටු ලෙවන්නෝයැ.
උතුරු සලුවෙන් මුවා වූ
රතු පැහැ රු දුරු නයන
නොපෙනෙන්ට වසාගෙන
ධවල මල් වට්ටියට
සිවු පසින් වැටීගති
දෑ මුඳුන් කර පෙළට
රජිඳු අනුකරණයෙන්
සිත් ගනු රිසින් දනට
දරනු බෑ අවු රැසක්
කොමල ඒ දෙනුවනට
බැඳී ඇති Ray Ban
දඬු වැටක් ඒ වටට
අප මහා රජාණන්
ලෝ පහල වී ඇත්තේ
අපේ පෙර පින් මහිමෙ
බෙලෙන් වෙන අන් කිමට
ලෙසින් නොම නවතමින්
ඕසෙටම ගුණ කියත
රජිඳු නැති ඒ වගක
සිටි පිළිමයක ලෙසට