:බිඳුණු නිර්මල මතකයකි ඒ..

හන්තාන කන්ද මත
වතුල කිරි සුදු වළා
අතීතය කවි කෙරුව
දුක් පුවත සැළකලා

රුවට රුව පැරැද්දුව - සොඳුරු කෙහෙරැළි මතින්
සැලෙන ඈ නෙතු පවන් - හෙමි හෙමින් පියවමින්

පොඩි ගවුම රතු පාට
ඇන්ද පොඩි නිර්මලා
මේ කවිය තුල නුඹේ
දිවි දකිනු බලකලා

බොළඳ බස් පවසන්න - සිත් ගගන රස කරන
විඳින්නට මල් පුසුඹ - ගයා සිවුපද වරුණ

බිම විසිරි මල් පෙඳිති
මිටින් ගෙන පසෙකලා
තිබ්බ මා උපැස් දෙක
මත සෙමින් අලවලා

කියූ ගී කතන්දර - පුංචි සිත රස කරන්
අසන්නට පුලුවන්ද - නොරට ගිය නුඹ වෙතින්

එහෙම රස මතකයක්
තිබ්බ බව නුඹ පසෙකලා
මාත් අම්මත් හැර දමා නුඹ
ගියේ ඇයි දුව නිර්මලා 

2 ක් අදහස් දක්වලා.:

හැලපයා

ලස්සනයි.ඔබට ජය!

පිසාචයා

පොඩි ගවුම රතු පාට
ඇන්ද පොඩි නිර්මලා
මේ කවිය තුල නුඹේ
දිවි දකිනු බලකලා

;-)

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්