මේ නිහඬ බව
අකුනු සහිත වැස්සක
පෙරනිමිත්තක් වුවත්
මම ඒ අකුණු ගැසීම් අතර වන
ක්ශුද්‍ර විවේකයන්ට
පෙම් කරමි
සැන්දෑ භාගයේ හෝ
රාත්‍රී කාලයේ
සයනය මත ඇතිවන නුඹේ
ගිගුරුම් ගෙරවුම් වලින් පසු
විටින් විට ඇතිවන කුඩා වැසි
සමඟ උපදින
ප්‍රේමෝස්මූර්ථියෙන් පසු
උදාවන නිහඬ බව
මට
දාහෙන් සම්පතක
නිවනක් වන හෙයිනි.
සුසුම් වැල් ගලායයි
හෙටත් මේ වේලාවට ම, මේ සයනයේ
නාරිලතා මල් පූදින නිසා
මේ අලුයම;
නිදන්නට සුදුසුම වේලාවයි.
අකුනු සහිත වැස්සක
පෙරනිමිත්තක් වුවත්
මම ඒ අකුණු ගැසීම් අතර වන
ක්ශුද්‍ර විවේකයන්ට
පෙම් කරමි
සැන්දෑ භාගයේ හෝ
රාත්‍රී කාලයේ
සයනය මත ඇතිවන නුඹේ
ගිගුරුම් ගෙරවුම් වලින් පසු
විටින් විට ඇතිවන කුඩා වැසි
සමඟ උපදින
ප්‍රේමෝස්මූර්ථියෙන් පසු
උදාවන නිහඬ බව
මට
දාහෙන් සම්පතක
නිවනක් වන හෙයිනි.
සුසුම් වැල් ගලායයි
හෙටත් මේ වේලාවට ම, මේ සයනයේ
නාරිලතා මල් පූදින නිසා
මේ අලුයම;
නිදන්නට සුදුසුම වේලාවයි.
පසු ලියමන : වැසි කාලයන්හී ළිං වලින් ස්නානය ප්‍රතිශ්‍යාවන් ඇතිකරයි, නොපමාව වැසි ආවරණ භාවිතා කරන්න.