හෙමින් සීරුවේ ඔන්න ඔතැනින්
ඇවිද යනු මැන පෙම්වත
ඔබේ පා සටහනක් මළුවේ
නැතිව පාලුයි හිතවත
මිහිරි සුවඳක සොඳුරු මතකෙක
කැටිව ගත් පෙර සවසක
තෙමි නොතෙමි ගියා මතකයි
අනන්තෙට දුර ඈතක
කාලයේ වැලිතලා මැද්දෙන්
පැතුවමුත් අප ඇවිද යන්නට
කිසිත් නැති කල මතකයත්
පරම සැපතකි පෙම්වත
හෙමින් සීරුවේ ඔන්න ඔතැනින්
තබා යනු මැන මතකය
ඔබේ සටහන් වලින් හදවත
පුරවාගත් ඒ කාලෙට
නොදන්නවා නුඹ වුනත් හිතවත
හරි පෙමි මා ඕසේට
පසුකතාව : හිතවත්ම මිතුරියගේ පෙම්වතා මියගොස් අදට වසර දෙකකි. මේ අකුරු ඒ ගැන ය. මෙය කිසිදා නොදකිනු ඇත, එහෙත් ඒ වදන් සහ දෙවසරකට පෙර මියැදුණු ඈ ප්‍රථම ප්‍රේමය ඈ සිත තුල තවමත් රාජිත ය.
COVID කතන්දර
-
*බ්‍රේකිං නිවුස් බයි අම්මා..!*
අදත් ඇහැරුනේ පොඩ්ඩක් පරක්කු වෙලා. මාස දෙකක් තිස්සේ ඔහේ ගෙදෙට්ටම වෙලා ඉඳලා
ඉඳලම එපා වුනත්, ආපහු ළඟදිම ඇඳිරිනීතිය අයින් ක...
2 years ago