නුඹ ඇතුලේද මම

confusing

මේ ආදරේට නමක් දෙන්න

lips

කඳුලක්ව ගැයූ ආදරේ
පිසලන්න හැකිනම් අත්ලෙන්
කිමැයි නුඹ දුර ඈතක
හිතත් ගුලි කරගෙන

හුරතලෙන් අතගා කම්මුල්
ආලේප කෙරුවද
ආදරේ
අදහාලන්නද කෙලෙස
අඳුරේ බැව් නුඹ

සිහින කී මාවතේ
නුඹ පියමැන්නද
නො ඇසුනිද ප්‍රේමිය
යටිහිත මොර ගෑ රහස'ඹට

නොසිතුවෙමි අරුමයකැයි ආලය
කණට කොඳුරා ආදරෙයි කියූ දින සිට
නොසිතුවෙම් මිට මෙලවූ කාසි
බරයයි වඩා අපේ පෙමට

සිහිනයකට පෙම් බැඳ

Love

සිහිනද නිදන මහ රැයක
නිදයි
ප්‍රේමය
සිතුවිල්ලකට තුරුලුව
මතක් වී ඇය
වැළඳ ගන්නට තැනුවද
නැත ඇය
හද සයනය තුල
හීනයක අතගෙන
ගොසින් යලි නොඑන්නම

කුටුම්බය රකිනට
කෙළක් දැරුමුත් වෙර
මා මත වැටී ඒ
අදිසි නිද්‍රාව
එළිලන විට සිහිනය
ඇය....
නොඑන්නට ගොසින්
සිහිනයකට පෙම් බැඳ

ප්‍රේමය කිමැයි මේ
නපුරුකම් මා හට
මලවි දුනු ඇද
වැරෙන් විද්ද ද
දෙවසකට පෙර
වැදී ඇත්තේ
රකුසු සිහිනයකට
මට නොව

තනිකම හිත ළඟට
තියා මා තනියට
නොඑන්නට ගොසින් ඇය
සිහිනයක අතගෙන

Community romance

computerlove_jpg

කෝ මගේ Twit එක….
මම FB එකේ…..
ආදරේ Share කරනවා
අහ්..!!!
Free නම් එන්න Buzz එකට
අපි යනවා Trip එකක්

Letest News මොනාද
Meshable ගියේ නෑනේ මෙයා
අලුත් Blogs කියෙව්වේ නැද්ද..?
අද Syndiයේ වලියක්
මේ ඒක නෙවී
ඔයා Mint ද?
මම se7en අනේ
...!!

ඔයා මට Like ද?
We have lot in common නේ!!
මට Fortune cookie එකක් ලැබුණා….
ඉතින්
ඒකේ තිබුණේ මට ඔයා Love කරයි කියලා
...!!!

ඔයා මට Like ද?
.....?
කියන්නකෝ!!
මම...?
Yess...!!!
Sorry This user is offline right now… 
Leave a massage for him

මගේ ආදරේට එයාගෙ හිතේ
Access Denied වගේ..!

ක්‍රියාපද පෙම

බැලුවා
දුටුවා
ඉඟිකලා
හිනාවුණා
සිතුවා
පැතුවා
කතාකලා
එකතුවුණා
පෙම්කලා
සිපගත්තා
කල්ගියා
පරණවුණා
ගහගත්තා
බැණගත්තා
එපාවුණා
වෙන්වුණා
චුතවුණා

1

කදිරවේලු වෙත සෙනෙහසිනි

matri

කදිරවේලු ඈත බලන
සලුව යටින් ඇස් දකින්න
බිම බරවී හද පිරිමැද
පෙම් කැල්මෙන් සනහාලන්න

කදිරවේලු ඈත බලන
හිත් පෙම්මල් පුබුදුවන්න
හෙළ කුල කත සරණට ගෙන
කෝවිල් බාරය ගෙවන්න

කදිරවේලු ඈත බලන
සිනිඳු වරලේ සුව විඳින්න
ඒ දවසට නුඹට හැකිද
පිච්ච මලින් ඈ වසන්න

බුදුරදුන්ට මල් පුද දෙන
ඒ අත් දෙක භාරගන්න
බමුණු කුලේ නුඹ සතුටුද
තැල්ල ඇගේ ගෙල බඳින්න

කදිරවේලු ඈත බලන
හදෙන් යලිදු අසාපන්න
රන්වැලියට ශිවදෙවොලට
එකට හැකිද මල් පුදන්න

වීණාව, නුඹ හා තනිවූ මම

තනි වූ කල
වෙන වයන්නේ
ඒ මතකය ඉවත
ලන්නට ය.
ඉදින්
වීනාව තෑගි කලේ
නුඹ බැවින්
කෙසේ නම් සලාලන්නද
ස්වර හා බැඳුණු
මතකය
මම

කුරුලු සර වින්දේ
නුඹ කියූ අයුරිනි
පොත් රකින්නේ
නුඹ කියූ අයුරිනි
පිරිත් අසන්නේ
එදා නුඹ
ළඟසිටි අයුරිනි
ඉදින් මම තවමත්
ධම්ම චින්තාව
සරණ යමි

මතකය ගෙන අහසට
දස වසකට පෙර
ගියද
මහද කුහර
තුල
නුඹයි දිදුලන
පත්තිනි රුව
සැමදා
අත්තම්මේ
Return top | ඉහත්තාවට නැවතත්