බේරේ පන්සලේ පිරිත් නූල

හාමුලා, ලොකු ආප්පොලා මැද
ඇමති මැතිවරු මැණිකෙලා
සිටිති ඉඳගෙන කුළුණු බර වී
බණ දෙසන හිමිනම දිහා
කට ඇරන් ඇස් දෙක වසා

ඔන්න ඔහොමලු බුද්ධ කාලෙත්
බුදුන් දෙසනා බණ අහන්නට
උවැසි උවැසියෝ පිරී හිටියේ
සඟ රුවන බණ දෙසනවා

පිරිස ඈණුම් අරිනවා
හොරෙන් ඇස් ඇර බලනවා
සාදු සාදු කියනවා

වතුර ටැංකිය, නූල් පන්දුව
වරු තුනක් ඇත පිරිත් කරලා
කැමති මැතිවරු ආධාර කර
නූල්, දිය බිඳු ගන්නලා

වටාපතකින් මුව වසාගෙන
හීනි දෑසින් බැල්ම දීගෙන
තුරුණුවන් ගුණ වයා ඒ හිමි
පිරිත් නූලක් බෙදනවා
වතුර උගුරක් පොවනවා
ටිකැට් පොතකුත් අදිනවා

මේ වැඩපු ලොකු සාදු නම් හරි
සිල්වත්ය දෙයියෝම බලං
කතරගම නුවරද අනුරපුර
ඉඩ කඩං ඇත ඇතිපදං

පැයක් හරියට බණක් දෙසලා
ලැබුණු පිරිකර ගණන් කරලා
පන්සලට ගෙන එන්න කියලා

ජිප් එකට හිමි වඩිනවා
සැවොම සාධූ කියනවා

හරිම සිල්වත් හිමිගේ බණ ටික
නිවං ගිය වග දැනෙනවා
හාරදාහක් මිල ගෙවා ගත්
පිරිත් නූලක් තියෙනවා
හරිම ආසා හිතෙනවා
නිවං ගිය වග දැනෙනවා

• කවටයාගේ පෙම්වතී •


සුමුදු දෙතොල නැත පහසක - රහමෙර විඳ ගත්ත තී
සිනා කතා කියවා සත - ගත් රුපියල් සත මදී
සිනාසුනද වෙස් මුහුණක - කඳුළු බිව්වා නැති මදී
හඬන ඔහුට හිනැහෙන්නට - සවිය දුන්නේ නුඹද තී

ඇස් ලොකු කර ඔමරි පපා - දෙපිට කැපෙන වදනා
කියවා සත හා සමඟිණ - එකට සිනහසෙනවා
සර්කස් කඩ මුදලාලිගේ - බැල්ම නිතර වදිනා
බව කියන්නේ කොහොමද - ඈ, ඔහු ඉන් දිවි ගෙවනා

කලකට පෙර පෙම් ලෝකයේ - කිරුළු පැළඳි රජු
ඔහු උනාට, රජ මැදුරට - වැටේ රජ කඩොලු
මුදලාලිගේ රුපියල් සත - දුන්නත් දිවි සලූ
හිමි සඳ මම ඉවසන්නේ - හින්දයි නුඹ මතු

පෙම්වත නුඹ අසල ඉන්න - නැත සුදුස්ස මම
ලොවම හිනස්සා මාසෙම - ලැබෙනා සොච්චම
එක වරකින් හාන්සි වී - උපයන අන්දම
ඇසුවොත් නුඹ කෙතරම් - දුක් ගනීද මගේ පණ

පහනෙන් ආ යකා

ඔබට ඕනේ
ප්‍රාණයක්ද/ භූමියක්ද/ ප්‍රේමයක්ද??


දෑත් පිරිමැද ඇසුවාම ඔහු
මට මතක් වූයේ ඈව

මට ඕනේ ප්‍රේමයක්
මඳක් පහදන්න දරුව..
ඌ එසේ කීවිට මම
මට "එයාව" දෙන්න

එසේ කියා ඉල්ලුවිට

රකුසු මූණක් මවාගෙන

"යකෝ තෝ ඕක
ඉල්ලන බව දන්නවා නම්
මම එන්නේ ම නෑ එලියට
මලාට"

නැවත ආපසු
යන්නට හැරී ඌ
කී ය මෙසේ මා හට

"මේ උලව්ව අතුල්ලන වේලේ උඹ
වෙන එකක් ඇතිල්ලූවා නම් තව
මෙලාකට කර්තව්ය නිම කර
සැපට නිදි නේද එහෙම ඕසෙට..?

අහෝ තනිකමක දුක...

•ඇලඩීන්•

• සුවඳ •

මට තුරුල් වී
කඩා ඉහිරවූ
ඇගේ කෙහෙරැළි අතර
ඔහුගේ සුවඳ තැවරී ඇතැයි
මට සිතේ..,

ඈ සිපගන්නා
වාරයක් වාරයක් පාසා
ඔහු සුවඳ එන නිසාම
ඒ දරනු බැරිව
ඈ කණට කර මෙසේ කොඳුරමි..!!

"දුවට තියෙන්නේ අම්මගේ සුවඳ නෙවෙයි තාත්තගේ සුවඳ"

කඳුලැලි සැලේ
ප්‍රේමය මැරී සෙනේහය
උප්පත්ති ලබන්නේ මෙතැනින් යැයි
සිතේ..!

•අවසාන තීරණේ | Last Judgement•

හැමෝම කියයි උඹට
"දුප්පත් ඒ සුපිණ කෙල්ල පත්තිනි අම්මෙකි ඔබ හට"
කියලා,

සොරි මචන්
අකමැත්තෙන් උනත් මට කියන්න තියෙන්නේ
"මැනේජරුත් එහෙම කිව්වා"
කියන එක 
විතරයි

අතීතයෙන් ගඟ ගලා බසී

රතුපස්වල..,

රතු පස්වල
රතුපස් වල
රතු පස් වල
පස් වල රතු
වල රතු පස්
රතු පස්
රතු වල
පස් වල
රතු

...

• පුනර්ජනනීය දේශපාලනය •

[කවියේ අවසාන වු තැනින් යලිදු මුලසිට කියවන්නට ගැනීම තුල ඔබට මෙහි ඇති චක්‍රීය බව පිළිබඳ අදහසක් ගනු පහසුයැ.]

මුලින්ම අසාදාරණයක් වෙනවා
ඒකට කලකිරෙනවා
පස්සේ නැගීසිටින්න හිතනවා
විරුද්ධවාදීන් දකිනවා
උන් පරාජය කරනවා

ජනතාව මේකත් දකිනවා

ඔවුන් සිතනවා
රූප දකිනවා
පුවත් කියවනවා කතා කරනවා
සිවිල් රුව මැවෙනවා
මැවෙනවා නොව තනනවා

ජන මතය ලැබෙනවා
ඔහු උඩට නගිනවා
පළා ලොව දිනනවා
අනාගතේ දකිනවා

ජනතාව මේකත් දකිනවා
සද්ද නැතිවම ඉන්නවා

දෙවියා උඩ ඉන්නවා
ඔහුට මෙය පේනවා
මූ පොරක් යැයි සිතනවා
ඔහුව පස්සෙන් හඹනවා

ඔහුට මෙය දැනෙනවා
දෙවි පහස මැවෙනවා
විඳිනු ආසා කරනවා
දෑත සවිමත් කරනවා

චූටි සවියක් දැනෙනවා
පොර ටෝක් වැඩි කරනවා
ජනයා තලලා පෙළනවා
අසාධාරණ කරනවා

ජාලගත කවිකම

අනේ මටත් යුද්දේ නැතුව පාලුයි අප්පා...

අනේ සාධු
උම්බෑ හඬ දසත ඇසෙනවා
සඟපතිවරු ඉටිපන්දම් වගේ දිලෙනවා
කෙල්ලෝ පැහැරගෙන ගිහිල්ලා
හු**  ( හුඟක් ) මරණවා
සාරු සුනිල් දුමි අයියලා සැපට ඉන්නවා

තරහා බෝයි තරහා බෝයි
අපිටත් පොඩි ඉඩක් දෙන්න
අපි ආසයි පොරක් වෙන්න
රට වෙනුවෙන් දිවි පුදන්න

හසලක මොනවාද කලේ
කොබ්බැකඩුව මොකද කලේ
මට මතකත් නෑනේ අප්පා
හරි පුදුමයි මගේ මතකේ

අනේ සාධු
බොබසේ හඬ දසත ඇසෙනවා
අපි ඔක්කොම හරි සතුටින් බුදුන් වඳිනවා
එක දෙයියෙක් නෑ ලෝකේ
අපි විතරයි ගිනි තනියෙන්
බුදුන් වැඳලා අපි විතරක් සැපට ඉන්නවා

ඒ උනාට මොනවා කලත්
ඒ අය නම් හමුදාවේ
ඒ වගේද මේ උතුමන්
සිවිල් පිට නේ දිවි පිදුවේ

තරහා බෝයි තරහා බෝයි
අපිටත් පොඩි ඉඩක් දෙන්න
පලා බබෙක් වගේ සැපට
හාංසි වී පොර ගහන්න

අනේ සාධු
කවුරුත් නෑ අපෙ අදහස් බෙදාගන්න
අපි විතරක් ඉන්න නිසා
එකෙක් නෑනේ තෙල බෙදන්න
බුදුන් වැඳලා අපි විතරක් සැපට ඉන්නවා
යුද්දේ නැතුව පාලු නිසා අපිට ඇඬෙනවා
:'(

ඉහත ඇති නිසඳැසක්(?) වැනි සටහන රචකයා අතින් ලියැවෙන්නේ, ටික කෙලෙකට ප්‍රථම ගෝ සඟරාවේ පලවන්නට යෙදුන වූ අංකුර නිර්මාණකරුවන් කිහිප දෙනෙකුගේ අනුග්‍රහයෙන් බිහිවූ "යුද්දේ නැතුව පාලුයි/Bored without war" යන සංකල්පය පාදක කරගනිමිනි. ෆේස්බුක් සහ යූටියුබ් ජාල ප්‍රවාහයන් හරහා උක්ත සංකල්පය පිළිබඳව ඔවුන්ගේ සමාජය පිළිබඳව කියැවීම දැකිය හැකි අතර ඉහත කවිය ඔවුන්ගේ සමාජ කියැවීම දුටු රචකයාගේ මනෝභාවයන් ගේ එකතුවක් විනා අනෙකක් නොවේ.

මෙව්වා එකට පසු AKA අයං වස්සාන කාලෝ

මේ නිහඬ බව
අකුනු සහිත වැස්සක
පෙරනිමිත්තක් වුවත්
මම ඒ අකුණු ගැසීම් අතර වන
ක්ශුද්‍ර විවේකයන්ට
පෙම් කරමි

සැන්දෑ භාගයේ හෝ
රාත්‍රී කාලයේ
සයනය මත ඇතිවන නුඹේ
ගිගුරුම් ගෙරවුම් වලින් පසු
විටින් විට ඇතිවන කුඩා වැසි
සමඟ උපදින
ප්‍රේමෝස්මූර්ථියෙන් පසු
උදාවන නිහඬ බව
මට
දාහෙන් සම්පතක
නිවනක් වන හෙයිනි.

සුසුම් වැල් ගලායයි
හෙටත් මේ වේලාවට ම, මේ සයනයේ
නාරිලතා මල් පූදින නිසා
මේ අලුයම;
නිදන්නට සුදුසුම වේලාවයි.
 
 
පසු ලියමන : වැසි කාලයන්හී ළිං වලින් ස්නානය ප්‍රතිශ්‍යාවන් ඇතිකරයි, නොපමාව වැසි ආවරණ භාවිතා කරන්න. 

ශාපලත් දේශයක වෙණ සරින් මත්වී

ගගන (අ)හිමි බාල සඳ


පහත ලිවීමඇඟිල්ල දිගු කර සඳ පෙන්නූ විට සඳ පෙන්නු ඇඟිල්ල දෙස බලා විනිශ්චයන්ට යොමුවීමට වඩා ඇඟිල්ල දිගු කල සඳ දෙස බලා තීරණයන්ට එළැඹීම මේ අනිසි සටහන් කියවන ඔබට භාරය..!

අසම්පූර්ණ කවියක්

මං ඔයාගෙ
වටේ යනකොට
මට පෙන්නේ
ඔයා මගේ
වටේ යනවා
වගේ

බලන කොට
අපි දෙන්නම
වටේ ගිහින්
විතරයි

ලොකු අම්මා


බුදුන් පිටදුන් ඇසතු ගස අස
බැතින් මුදුනත් බඳින්නී
බුදුන් ගුණ කියවමින් ඇතුළින්
සිතෙන් සිල් පද කියන්නී

හඬ නඟා සිල් පද කියන්නට
නොහැකි බව හද දරන්නී
දුකින් පීඩිත හදක් පුපුරා
කඳුළු ගංගා ගලන්නී

කිනම් දවසක දෑත් එක්කොට
සිල් පද කියන්නද සිතන්නී
නිහඬ බව හද පාරවන සැත
ගොලු මුවේ වැට බිඳින්නී

පසු සටහන
ලොකු අම්මා කොහේ සිට ජයසිරිමා බෝධි වන්දනාවට පැමිණෙනවාදැයි කිසිවෙකුත් දන්නේ නැත. හදිසියේ වෙනත් පුද්ගලික කටයුත්තකට අනුරාධපුරයට ගිය අවස්ථාවේදී, මලක් පහනක් පූජ කරන්නටැයි සිතා ශ්‍රී මහා බෝධියටත් ඉන් මඳ දුරකින් පිහිටි රන් වැලි මහසෑය වන්දනා කරන්නට මමත් මගේ පවුලේ උදවියත් ගිය මොහොතේදී මේ අපූරු උවැසිය දකින්නට ලැබුණි, ඕ කෘෂ ය. ඕ වියපත් ය. එ මතු නොව ඕ උපතින් ම මුක ඇත්තියෙකි.
යකඩ කටෙන් ඇසෙනා ධම්ම පද සවනත වැකෙතත් හඬ නඟා ගාථා කියන්නට නොහැකි වීමේ සොව ඈ පල කරන්නේ මහ හඬින් කෑ ගසා හැඬීමෙනි. බුදුන් පිට දුන් ඇසතු රුක දෙස යොමා සිය නෙත් පතන්නේ ඈ, මේ විපරිත මුක භවය ඈගේ අවසාන භවය වන්නට දැයි දන්නේ ඈ මිස අන් කවුරුන්ද..?
මේ ලියැවි කවි(?) පද අකුරු වන්නේ ඈ පිළිබඳ වූ සෝ බර මතකයෙනි. 

අපිට පිස්සු ඕයි..!



පිස්සං කොටුවේ අපේ එවුං  AKA මේ වගේම තව #පිස්සු පෝස්ට් ලියවෙච්චි තැන්
 ඕනයා | සිහින | අවංක පැට්ටා | ආගන්තුකයා | රනා | මුචලින්ද | පසන් | බුල්ටෝ | සෝඩා ගුණේ | සුදු පූසා | නචී | ජීවිතේ මල් | බීට්ල් | සංජු | පිස්සා | අශාන් | හිතුවක්කාර කෙල්ල | රුචක| හසී 

බාලචන්ද්‍රන්

14

රමණ කෝලම

රුද්‍රාණි

හුරු පුරුදු බවක් දැනුනත්
හද රැඳි ප්‍රේමය
ඉඩ නොදෙන තරම්

පෑයූ සඳ එළිය
රම්‍ය වග
කියන්නට හදේ
එඩි නොතිබූ තරම්

කියාගත නොහෙන තරම්
එළියයි නුඹ මට
එනිසයි සිටින්නේ
ඈතින් මම්

හිරු අසට ළංවන
සුහුඹුලන් කෙළිලන්නේ
කෙටි කලක් වුව
නුඹ මට
සිහිල් සුවය සලන සඳක් මැයි

එනිසයි පෙම්ලන්නේ
මම් මෙතරම්

//සිරකරගෙන සිටි කිසිවක් කියාලන්නට මේ තරම් අපහසුවී නැති. කිසිවෙකු "නොදන්නා" කිසිවෙකු "නොඅසන" කිසිවෙකු "නොදකින්නියක" වෙත ගෙත්තම අකුරු කරන්නා සිය අදහස් කියාලන්නේ "ඈ"(?) හට මිහි දුවක නොවනා නිසාද? රුද්‍රාණි මේ ලියන්නේ නෑසෙන මානයේ සිටින නුඹ වෙතයැ.

කොටු බැම්ම මත හිඳ

Return top | ඉහත්තාවට නැවතත්