( අ ) හෝ සෙන්ට් ක්ලෙයා

හෝ සෙන්ට් ක්ලෙයා
දිය වරළ වනවා
ලලිත දිය හිණ රඳවා
සම බිමට ගලන දා
දැනේ සුන්දර බවක් හන්දා

හෝ සෙන්ට් ක්ලෙයා
ක්ලෙයා වත්තෙන් අරඹා
රඟණ දිය වැනි සුරඹා
බිමට ගැටෙමින් වැටෙනදා
මිහිදුමින් මුළු පෙදෙස වැසුනා

හෝ සෙන්ට් ක්ලෙයා
සොඳුරු බව පිරෙනා
ගලනා ලඳකි සොබනා
විදුලිය උපද්දා
සදහටම නැතිවේද මංදා...

india.1173238260.hill_country_100

හිතේ ඇති දේ.

මුල් දින මම ඔබ දුටු විට
"ඇයි රත්තරං ඔච්චර ගණං" අහන්නට සිතිණි

සල් ගහ යට අප හමුවී නිහඬව සිටින විට
"සබඳ අපි කඳු වෙමුද" අහන්නට සිතිණි

ඔබ මට මනාප බව කීවිට
"කැන්දන් යන්නම් රන් මල්මාල දාලා" කියන්නට සිතිණි

නමුත්,
නුඹ මගෙන් වෙන් විය
මට දුකක් නැත
ඇත්තෙ,
ප්‍රහර්ශයකි.
ඒ මට ඔබ පිළිබඳ මතකය වටනා නිසාය,

දැන් මට,

නොගැලපෙන දෙදෙනෙකු සිටිනු දුටුවිට,
" ඇපල් කන්නෙ කුණු පනුවො මල්ලි" කියන්න ට සිතෙයි.

එනමුදු,

අප දෙදෙනා මතක් වන විට
"කොහොමද මාල ගිරව් පැණි අඹ කනකොට" අහන්න ට සිතෙයි....

ඉඟිය.

එක තනි ඉඟියක ට ආදරේ කරන්න ට
තනි ඇසකින් බැහැ ඉඟි මට දෙවන්න ට
ඉඟිබිඟි පා කරන ආරාධනාව ට
ආලය කෙසේ තනි ඉඟියෙන් පාන්නද?

අනංග [cupid]

සඳ කිරණ සහ තරු කැට

සඳ දියරින් දෝතක් ගෙන
උඩ දමමින් නරඹන කල
සඳ කිරණට සඳ ලඟ වූ
තරුවක් පෙනුණයි

ඒ තරුකැට රිද්දන්නට
සඳට තවත් ලංවෙන්නට
තම අදහස පවසන්නට
සඳකිර සිතුවයි

තරු කැටයෙන් උදව් කිමද
ඔබට උදව් මගෙන් නේද
තරු කැටයෙ චංචල බව
ගැනම ගතු කියයි

පෝයෙන් පෝයට වෙන්වෙන
සඳ කිරණට වඩා සඳට
හැමදාමත් ලඟින් ඉන්න
තරු හොඳ කීවයි.

Gs_Greyscale_moon_1680x1050
Return top | ඉහත්තාවට නැවතත්