දිරාගිය රුකක අබලන් බස් රථ අසල බත් අහුලන ඉඳුල් අතින් මුව පිහින කණ ඇස පිස දමා ගලනා කඳුලු බිඳ සිඟමන් යදින්නෙකි බස් රථ වල නිතර අපුල මුව අයා කියනා කවි මිහිරී අත වූ නලාවෙන් පුරවයි අඩු කෑලී නැවතුම් දෙකක් පහුවුනු තැන කලබල වී හනිකට බසින්නේ මොනවද මුමුණමිණී එක් දිනයක මම යනකල කඩුවෙලට මේ ගීවේදියා නැඟුණා බස් එකට ගයමින මියුරු ගී මිල්ටන් ගේ සිහින සනසන්නට වීය සැමදෙන එහි සිටින නැවතුම් දෙකක් පසුවූ පමණයි පාලූ පෙර නොමදැකි ලෙස ඌ කලබල වීලු නවතන් අයියේ නවතන් කියමින් මහරූ බෑඟිරි හඬින් මූ කෑ ගැසුවයි යාලූ කියනට මට අමතක විය එක දෙයක ඇසුවා මම දිනක් ඔහු හමුවී මඟ ක ඇයි නුඹ බසින්නේ හැමදින එක තැනම කියපන් මිතුර දනගන්නට මනාප ම මහත්තයෝ නැවතුම ළඟ ඇත සොහොනක් එය මගේ පුංචි දුවගේ පොඩි සිරියාවත් ඈ මිය ගොසින් දැන් අවුරුදු තුන හතරක් මට ඇති නොවේ හැමදින ගොස් ඈ බැලුවත් ගී කියමින් ය බස් රථවල ඇය වැඩුවේ ඈ පොඩි දුවක් නොම දස විය පිරවූයේ ඈ මවු මරා උපන් දුවණිය වුව මාගේ ඈ මගේය මා හද ඇයගේ මිතුරේ මෙලෙස කියන කල මට තතු ඔහු බසින පැහැදෙන්නට විය හේතුව එය කරන ලොව ආදරය පමණයි ඇති එකම දෙය ඒ උපදේසේ මට දුන්නේ හිඟණ පිය දින කිහිපයක් ගත විය කිසි නොවූ ලෙසම මා හිත හටත් අමතක මේ සිදුවීම මා යලි දිනක් සෙයිලම වෙත යන විටෙක දුටුවා පුරුදු මූණක් ඇත බිත්තියක අවමංගල්‍ය දැන්වීමකි මා දුටුවේ හිත නැවතුනේ මන්දැයි මට නොතේරුනේ හැම දිනයකම මිල්ටන් ගී කියන අනේ ඒ ගීවේදියා යයි නොම එන ගමනේ දුව සිය බිරිඳ යැවි දෙසටම ගිය මිතුරේ ගෙව්වා උනත් උඹ මේ වක ඒ කරුමේ පින් පමුණන්නේ බුදු හට පුදලා පද්මේ යලි ඉපදෙන්න කියලයි නුඹ දෙව් තුසිතේ |