කොලයක්, දරුවෙක්, මවක් හා කඳුලක්

kms

නිහඬවම
තුඩගින් කැඩී
ලොවට බර නැති
ලෙසින් පාවී
වැටෙයි හෙමිහිට
දිවියේ අවසන
තේරුමින් ගෙන
විලස වියැලුනු
කොහොඹ කොලයක්!

මවු සමඟවිත්
උයන් කොණ හිඳ
නටයි දුව පැන,
පෙර නොවූ ලෙස
නැවති එක තැන
කොහොඹ ගසෙකින්
වියැලී බිම වැටි
කොළ ඇහිඳ ගති
උයනේ සිටි එක
කුඩා දරුවෙක්!

පෙර කලෙක
ඔහු සමඟ දවසක
කල කතා මැද
හිස්වූ සිතිවිලි
ගෙවෙන තුරු
ඒ සොඳූරුකාලය
කොහොඹ කොල
වියලවා පොත් මැද
එකතු කල සැටි
මතකයන් ලෙස.
මතක කරවයි
වියෝ දුක් මැද
කොහොඹ කොල හා
කෙලින පුතු දැක
අසල සිටි එක
තුරුණු  වූ මව!

අහිමි පෙම
මතකයක රඳවා
ඒ මතක
පුතු මතම වියලා
ප්‍රේමයේ කලු
මතක මැද්දෙන්
නැඟී නුවනත
පෙර නොවූ ලෙස
රුදු මතක මැද
තනිවූ කඳුලක්!

පරණ රූ රැජිණ


කිසිවක් නොවූ තාලෙට
ලතාවට සිය සිරුර හැඩකර
ඇවිද ගෙන මා අසලට
පැමිණ හිඳගති
නිහඬ විලසට

පෙර වූ ඒ සිනහා
කෙළි කවට විරු කම්
නෑ මෙදා
පෙනෙනට

කෙලෙස නිහඬව
සිටිනුදැයි මේ
රුවැති ළඳ
සෝතාපයෙන්

සියල් අවසන
මදෙස බැලු ඈ
කියත් මෙලෙසට
වදන් ගුලිකර

"අද මට මේ ඔටුන්න තව එකෙක්ට පළඳන්න වෙනවනේ"
Return top | ඉහත්තාවට නැවතත්