~පෝරියල් හෝඩිය~

අආ..? ඇඈ..? යයි අසමින් ගොසින් පසුපස
ඉඊ කියා මා දුටු කල අපුලින් යුතුව
උ ඌ යැයි ඇඟිලි දිගු කර පෙන්වමින් මා වම
ඍ ඎ ලෙසින් අරඹා
ඏ ඐ වනතුරු නෙළුවත්
එ ඒ ඓ තියා ඔ ඕ ඖ වත් නොකියා ඉවසූ මට
කෙළවු නුඹ පසු කලක මා දැක කියවුනේ
අං අඃ බව අමතකද?

සරලව යස සහල - මැන මැන දෙන ලෙසට
කිව්වත් බොරු හොඳට - රැවටුනේ නුඹ නොවේද?

රීදී සඳවත

නිතර මතකයට එන
සුමුදු පියවර
රිදී පා සලඹින් හැඩවන
වදන් නොතෙපළන සඳ
කෙසේ පවසම්
ඒ සොඳුරු බව..

පෙම්වතියගේ ප්‍රේමාගාරය

හෙමින් සීරුවේ ඔන්න ඔතැනින්
ඇවිද යනු මැන පෙම්වත
ඔබේ පා සටහනක් මළුවේ
නැතිව පාලුයි හිතවත

මිහිරි සුවඳක සොඳුරු මතකෙක
කැටිව ගත් පෙර සවසක
තෙමි නොතෙමි ගියා මතකයි
අනන්තෙට දුර ඈතක

කාලයේ වැලිතලා මැද්දෙන්
පැතුවමුත් අප ඇවිද යන්නට
කිසිත් නැති කල මතකයත්
පරම සැපතකි පෙම්වත

හෙමින් සීරුවේ ඔන්න ඔතැනින්
තබා යනු මැන මතකය
ඔබේ සටහන් වලින් හදවත
පුරවාගත් ඒ කාලෙට

නොදන්නවා නුඹ වුනත් හිතවත
හරි පෙමි මා ඕසේට


පසුකතාව : හිතවත්ම මිතුරියගේ පෙම්වතා මියගොස් අදට වසර දෙකකි. මේ අකුරු ඒ ගැන ය. මෙය කිසිදා නොදකිනු ඇත, එහෙත් ඒ වදන් සහ දෙවසරකට පෙර මියැදුණු ඈ ප්‍රථම ප්‍රේමය ඈ සිත තුල තවමත් රාජිත ය.
එක්ව පිපි මල් කිහිපයක් අස
කවදා හෝ පිපී සුවඳ දේ යයි
පොරොත්තු වූ පොහොට්ටුවක් විය
නොදැන සිටියේය කිසිවෙකු පිපෙන තුරු එය
නෙළුමක නොව කිඩාරමක් බව..

ඒ අපුරු හිස් වැස්ම

පැළඳ ගතිමි මා
ඒ අපූරු හිස් වැස්ම
මඳක් හිර නමුදු රුවා ගත් විට
සොඳුරු බවම පෙනෙන
යටින් සැඟවී ඇති
රුද්‍රු බව කිසිවෙකුට නොපෙනෙන

කලකට පෙර නිදහසේ තුටින්
සසර සරණ විට
තරුවකින් බට දෙවුලියක හිටිවනම
මට
දුන්නෙහි රුවා පෙම් හාදු විදින

ගෙවා දිවි තුටින්
සසර සරණ විට ඈ සමඟ
දිනෙක සන්ධ්‍යාවක
මා සයනය මත තිබී හමුවිය
හිස් වැස්මක්
ඈ හිසට පමණක් ම ගැලපෙන
Return top | ඉහත්තාවට නැවතත්