පූර්ව ස්වරය ලොප් වූ සඳ

heart2

මට පෙනෙන්න
වරල වනන
නුඹ
දිහා බලල
හිනා පාන මම
දැකලා
රවා බලන
නුඹ..,

පිපිච්ච ගමන්
පරවුනු මගේ
හිත
පහුරන්නේ
ලේ එන්නම ද?
(නම් නොදන්නා පොතක කොටසක්)

ප.ලි►
කවදා හරි
මගේ ලේ මතකේ
උඹේ පපුව අස්සේ
පැලවෙලා
මම නැති කාලෙක
එහි ආදර මල්
පිපිච්චහ ම
දැනේවි වෙනස
මහමෙරකට

එතකං අපි තනියම

online රමණය

free-webcam-chat-11

පිරවීමි පෝරමය
හඳුන්පොත කී ගායි
තවත් ඉවසමි
name, age, sex, ආදී
නෙක කොටස්

පසෙකින් ඇයි සිටියි
හදවත කිති කවයි
ඇඹරෙන නැවෙන ඈ
කොඳුරණුයේ මට ම දැයි
සිතෙයි දැන් දැන්

සිහියද අහකය
හිතෙන් පැණි පෙරේ
එබිමි “►” බොත්තම
ඈ මගේ මය.., රඟන්නේ
මට ම ය..,

එකවර ම…,

Dear Sir / Madam.,
Please.., verify your Credit Card to Continue the Show….

මේ මොන %$#@%$ක් ද මේ ...?

Return top | ඉහත්තාවට නැවතත්