පවුකාර කවිය.

upl

දානය පිළිගන්නන කොට
අත ඇල්ලුවේ හිතලා නෙවී
ඒත් මුව රතු වූ හැටි
මම හොඳටම දැක්කා

දරාන ඉන්නට බැරි තැන මම
රෑ අහසේ තරු ගැන්නා
චංචලයි මා හිත
දරන්නට බෑ මටම ම,

නිතරම උඹව දකින්නට
ඕනේ උනාම මම ධර්මයට
හිත ලූවා

කිව්වම එක වරක් අල්ලා
දෙපා වඳින දෑතින්
ඇයි කම්මුලට ගැහුවේ
අකැපයි නේද ඕවා සාසනේට..?

අනේ මම ඇයි පරක්කු
ජීවිතේට, මට අහන්නට තියෙන්නේ
එක දෙයයි...........,
පාපය ආනන්තරීයයි, දෙයක් නැති කරන්න,
වෙනවා අහන්නට..,

ඇයි උඹ මහණ වුනේ උප්පලවණ්නා........?

වඩත් සලුපිලි යෙහෙන් මවුපස

leelawathi-4-blog-dsc_0147

කලු වූ කරගැට පිරුණු දෑතින්
අනුන් ලූ පිලි දොවන්නී
‍රැඳුණු ඩා දිය අතින් පිසිමින්
කිලූට ධවලට රවන්නී

වැහැරි නෙත් වල මවා මහමෙර
අහිමි මොක්පුර දකින්නී
කැඳ පෙවූ පිළි තබා එක පෙළ
හිමි පඬුරු කඳ මවන්නී

කරවා සලුපිලි සදා සුවඳින්
ලැබෙන තුරු තු‍ටු පඬුරු ඈ හට
සිටිත් රජ කුල පා පෙළක් අස
නොමැත අවසර නගන්නට පිය

නොගැලපුනු කුල දෙකක හැඩතල
වියලි දෙනෙතින් වින්ද මුත් ඇය
නොමැත පාවඩ නැත වියන් පෙළ
යන කලට ඈ විඳිනු මොක්සුව

ජීවිතය

black_white_life__by_gnato

ඇත්තේ යෑම් ඒම් ය
නැවතීම් උගහට

නැත මෝක්ෂය..,
ආදරය පරහට

තෘෂ්ණාව හරහා පෙරාලන
දියරයක් සේ
ආලය සියලු
සාධක සුසර
කරවයි

ඉදින්
ස්වාධීන [?]
ආත්මයක් කොයින්ද
සීතම්බර යදම් ලූ
වහල් ආත්මයක
මිස

Return top | ඉහත්තාවට නැවතත්