තනිකම ද කවියකි

යනෙන තැන මරුවැල්ය
ආදරේ ගිනිදැල්ය
ජීවිතය නැතිකල්ය
දැනෙන්නේ තනිකම්ය

සිත් අහස ගැබ්බරද
අත් පසුර හිස්වුනිද
නෙතු කැල්මේ කඳුලැල්ද
ප්‍රේමය ම මියගොස් ද?

අවට ලොව නොම සිතන්
අතීතය අත හරින්
ප්‍රේමයේ සුභ දකින්
ජීවිතය කියවපන්..! 

පසුව ලියමි►
මෙයට කලකට පෙර "කළු දිය පොකුණ" බ්ලොග් අඩවියට දැමූ කොමෙන්ටුවකි, ඉහතින් ඇත්තේ. රචිකාවිය අලුත් ලියමන් කර ඇති දැයි දකිනු රිසියෙන් එහි යත්දී අහමබයෙන්  පෙර වසරේ වෙසක් මස සත් වන දින අකුරු කල මේ කවි[?] පෙල දුටු විට එය මා බිතෙහි යළි ලියා තබන්නට වූ ආශාවේ ප්‍රතිපලයයි මේ..

•තරු පුළිඟු•

මම දුර තියා
තරුවකට පෙම් කලෙමි
එහෙත් ලංවන තුරු
ඒ නුඹේ දුම්වැටියෙන්
පැන ආ පුළිඟුවක් බව
නොදත්තෙමි.
Return top | ඉහත්තාවට නැවතත්