මගේ ම වී සිටි….., ඔබ





miss you

සඳ නිකලැල් ව
එළිය ලන කලක..
සයනයේ මා ඔබ හා
සිටින සඳ..,
චුම්බනයෙන් මා
ළතෙත් කෙරුම ට ඔබ
සිටියා නම්...,

නුරාව අප අතරින් ගලා
යන සඳ
ඔබෙ වටොර ට සිහින් රිදුමක්
මට කරන්න ට
තිබුණා නම්…,

නමුදු …..

අද මා ළඟ
ඔබ නැත
රතු ඇලුමිනියම් වලල්ලත්
කාල වර්ණිත ඔබ
කෙස් රොදත්..,
මා තෙළබණුවේ ඇති
ඔබ රූ කළසත් හැරුණු කොට

ඇත්තේ..,

අප දෙදෙනාගේ සුසුදු මතකය
ගැන වූ සුවඳකි…
ඒ අකස්මික ඔබ නුරාව ගැන වූ
හද තුල සදා නොමියෙන
ආදරයකි....

6 ක් අදහස් දක්වලා.:

Anonymous

තුවාලය ඇත්තා පමනක් එහි වෙදනාවෙ තරම දනි

ඇත්තටම ලිෂාන් කවිය මාව ගොඩක් හැගුම්බර කළා

දුක තමයි ඉතින්

gayandinusha

බොහෝ පිරිමින් සතු අත්දැකීමක්.... ලස්සනයි. දිගටම ලියපන්....

Narada

මාව ඔන්න හඩවන්න එන්න එපා හරිද? ;)

චමිදේවා

ලස්සනයි....
හැඟුම්බරයි....
දුකයි....

අද මම කරන්නෙත් ඔය දේ.....

Rachintha Jayawardhana

ඇත්තටම කදිමයි !!

Unknown

Dukai.,
Lassanai,

Lish I read most of your posts.
But Everytime I read this one, tears fill my eyes,
Everytime I see a loving couple holding hands,
I remember this one.

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්