අන් සතු (මා) රුව

මම විඳිමි ඈ රුව
පෙනෙන ලෙස තඹරුව
බිඟු ඇසින්
කරන ලෙද බලකලත් සිතුවිලි
ඇය හටම
කරන ලෙද ආලය හද තුලින්
කෙසේ කරමිද
ආලය වෙන කෙනෙකුට නතු වූ හදවතින්

00A4Fw-203944842

6 ක් අදහස් දක්වලා.:

Anonymous

අපිටත් ඔය ටිකම තමයි දුක තමයි
හොද ලස්සණ කවියක්

ලිෂාන් මෙවාට කියන්නේ නිසදැස් කවි කියලානේද?

AJ

දිසා...

නිසදැස් කිව්වහම ගොඩාක් variations තියෙනවා...

අපි ඒකට කියමු Free verse කියලා... :D

ලිෂාන්

ලියපන් දිගටම ලියපන්....

ඩෝසන්

අන් සතු (මා) රුව

මම විඳිමි ඈ රුව
පෙනෙන ලෙස තඹරුව
බිඟු ඇසින්
කරන ලෙද බලකලත් සිතුවිලි
ඇය හටම
කරන ලෙද ආලය හද තුලින්
කෙසේ කරමිද
ආලය වෙන කෙනෙකුට නතු වූ හදවතින්

ලිව්වේ Lishwish

මෙම නිර්මාණය මට හමුවුනේ ලිෂ්විෂ්ගේ බ්ලොග් සටහනේ ඔහු ගේම නිර්මාණයක් ලෙස.
මෙ නිර්මාණය මසිතට ආ සිතුවිලි කීපයක් සටහන් කරන්නයි මෙ වෑයම.
අන් සතු රුව හෝ අන් සතු මා රුව හෝ අන් සතු මාරුව යන ත‍්‍රිත්වාකරයෙන් මාතෘකාව තෝරා ගැනීමෙ නිදහස පාඨකයා වෙත පවරා ඇති මෙ නිර්මාණයේ ඇරඹුම ම අභ්‍යාසයක් වෙත අපව යොම කරවයි
කවියේ කියැවීම මාතෘකාව මතින් තුන් ආකාරයකට විචලනය වෙ.
මෙය කවියක ඇති බහුවිධ අරුත් මැවීමේ වචනාර්ථය ඉක්මවා යෑමකි.
වචනරුත් සමග සිදුවන විවිධ කියවීම් වලට පෙළඹීමට හෝ යොමු වීමට සාපේක්ෂව මෙ මාතෘකා විවිධාංගීකරණය වීම නිසා සිදුවන විවිධ කියැවීම් කරා යොමු වීම මෙම නිර්මාණයේ ම අනිවාර්යය කොටසක් බවට පත් වෙ.

continue...

complete article will be published in my blog.

LishWish

හිත් කොනක වත් නොතිබුන පුංචි කවියක් නිකමට වගේ බ්ලොග් එකේ දානවා. මෙන්න එක පාරට ම කොමෙන්ටු වැටෙනවා. එකයි දෙකයි තුනයි හතරයි.., කොමෙන්ටු ලියාගෙන එලියට එන්නේ මගේ බ්ලොග් ලෝකේ අධිනිශ්චය වූ චරිත වලින් එකක් වන වචන ටැක්සියේ ඩැයිවර්.., ඩෝසන් අයියා.., මෙන්න ලියලා මා කවි ගැන පවුම් පහේ රපෝර්තුවක්

හිතේ සතුට කියා නිම කරන්න බෑ.. ස්තූතියි හැමෝටම.. ඔබ සියලු දෙනගේ අදහස් මා දහස් වර දිරිමත් කරනවා.. හැමෝටම මගෙන් තුති මල්..

Narada

නෙළුම් මල දිහා බඹරා බැලුවත් පැණි බීවත් එය ඔහුගේ නොවෙයි, ඒ මල වැදු ජල නිම්නයේත් නොවිය හැකියි. මන්ද එය කෙනෙකු නෙලා ගනු ඇති බැවිනි, ඉක්බිඳිව වුවද ඔහු මලට සුවදැති පැන් ඉස සරසා තවකෙකුට විකුණයි. ඉන් ඉක්බිඳිව ඔහු එය පන්සලට* පුදයි. නමුතු ඒ නෙළුම් මල කාලරූපීව පරවී බුදු ගෙදර සුවඳවත් කර අලංකාරමත් කර පරවී කෙඩෑර වී යයි. එයයි ලෝ දහම, මේ සංසාරේ පුරා දුකාත්මය හා සතුටාත්මක අතර දෝලන වෙමින් ප්‍රේමීය බව වියෝමීය බව අතර සැරී සරන්නට වෙනු ඇති.

*(මට මෙහීදි මැවෙන්නේ දළඳා මාලිගාවයි, මන්ද මාගේ කළුදුල් ඒ ප්‍රේමයේදීද මුලින් එතැන ගොස් නෙළුමක් පුදා පිරිත් නුලකින් ඈ අත සැරසු බැවිනි)

කෙසේ වෙනත් අලංකාර මනෝ රූපකායමය බවක් දන්වන නියම වාක්‍ය ප්‍රකාරයක්!
සුභාසිරි නුඹට මා හිත මිත්‍රයාණෙනි!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්