[එළි] පෙහෙළිය.

අක්ෂර වනයේ අතරමංව - මඟක් සොයාන යන කල
දුටු එකම ගැලවුමයි - ඒ ඔබේ ජාතක පොත

හදට වදිනා අදහස් තුල - පන්හිඳෙන් විසිරෙන පදරළ
එකට එකවී තිතක් වේ - අවසන මාගේ කොලය උඩ

ලියන්නට ගත්තත් - සහස් දේ තිබුනත්
ගොණුවන්ට බෑ සත්තමයි - තරම් විසල්ය ඔබ වදනක්

සෙත්සිරි දෙන මහා ආදරයෙන් - සත් හට වන ඔබ කරුණාවෙන්
සොයමි මා තවමත් - සිත් ගණදුරු නොවූ ඔබ වදන්ක්

අරුමැසිය මා හදවත - ඔබ තුලට මා වන කල
කවීත්වය අමර වූ කල - මැරුම් කයි මා ගිලන් වූ ගත

1 ක් අදහස් දක්වලා.:

gayandinusha

පරණ කවි වලින් මොඩ් කවි..... ලස්සනයි.

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්