ගුරුවර

sir

විසල් ලොවක අරුමය විඳ
පසල් දන්ව්වක හදවත
තබා නොගෙන දිව මතුරක
ලෙසින් දිලෙන්නා

ළතෙත් පසට තබමින් බර
විදත් ලොවක දැකි මහමෙර
සතර උගෙන ගෙන කරමත
බරක් තබන්නා

ගෝල පුතුන් සුව විඳිත්ම
නුඹ බරවී හැරමිටියට
සිල්ප සතර දී නොමසුර
තුටින් දිලෙන්නා

ලොව කවරෙක පැමිණ ගියද
නුඹ මාලොව එක පියනම
ඒ නොවෙනස් වේ සදහට
ගුරුවර වන්නා

සුභ රාත්‍රියක් මිත්‍රයා..!

ilan

දල්වා
ජීවිතය ගැන
පොරොත්තු
නිහඬව සිටිත්දී

හැමදෙන
අයා දකිනතුරු
ජීවයේ
පහන් දැල්

නොපෙනුනත් සුව පැතූ
සහසකුත් මිතු කැලම
හැරදමා ගියා නුඹ
ජීවිතේ කෙළවරට

නොම පතමි
ඉපදෙන්ට
යලිත් මේ කුරිරු ලොව

සොයාපන් නව ලොවක්
නවමු සුභ ඇරඹුමක්

එතෙක්
සුභ රාත්‍රියක් මිත්‍රයා..!

අක්කී

akki

ආපු දවස් වල
අහ් එයා මාර sexy
මගේ facebook එකෙත් එයා ඉන්නවා
එයා මගේ අක්කි කෙනෙක් නේ
මට එයා හැම වෙලේම PM & twit කරනවා

ජනප්‍රිය උනහම
ඔව් අනේ
අදත් මම එයා එක්ක කතා කලා
මම හිතන්නේ මම එයාට crush
අලුතින් එයාට web එකක් කරන්නෙත් මම
ඔව් එයා මට buzz කල ගමන්
මම යන්න ඕනේ නැතිනම්
මා එක්ක තරහා වේවි

ටික කලක් ගියහම
මම එයව දන්නේ නෑ
උඹට ඕනේ නම් මම එයාව suggest කරන්නම්
ඒ වගේද අර fm එකේ ඉන්න එනවුන්සර්
හරිම ස්වීට් voice එක
යවන්න ඕනේ friend request එකක්
අනික අය හදන්න කලින් fan page එකක්
හදලම

Return top | ඉහත්තාවට නැවතත්