හරෝ හරා...

Kataragama


පාක්කුඩම් පඬුරු බැඳන් පොරොත්තුවක් මැද
යාල මැදින් පා තියනා ඉලංදාරි හද
ගිණි ලෑ සිත් කවුලු මැදින් කකියා රිදුනද
කද සුරිඳුන් වඳින්ට යයි දෙපයට වැඳ වැඳ

ඔකඳ දෙවොල් තුන් ලිප්ගල් අසල ගෙවෙන රැය
වල්ලි මවුන් මුරුගා දෙවිඳු පෙම් කතාව මැද
ආඬි ළිඳෙන් දෙවුණු දියෙන් මකවා තිබහද
කඳ සුරිඳුන් අප රැක ඇවිදයි පා ගමනක

දොළොස් මහේ පානට තෙල් දමා පැතුම් පතමින්
සුරබිදෙනක් විලසින් සිටිනා ඈ ගැන සිතමින්
පේවී පුන නූල දමා තිලක නළලේ තබමින්
ඇවිද ඇවිත් දෙමස පුරා බැතිබර ගී කියමින්

හරෝ හරා කියමින් අප තැන දුටුකල සැතපුම්
පෙරදා රෑ ගිණිලූ දර සෑ අතරින් ගොඩවල්
සැතපෙන්නට තැන් සොයනා අන්නවරු සමඟින්
කුඹුක්කං ඔයේ අසබඩ රැයක් ගෙවා දමමින්

එකම හදයි එක රුහිරුයි සැවොම එකයි සිතා
සැමට බෙදයි සැම වළඳයි එක පොංගල් පතා
සියක් සැතපුමක් දෙපයෙන් කියවන මේ දෙනා
එන වසරෙත් පා ගමනින් වඳියි සෙතක් පතා

Return top | ඉහත්තාවට නැවතත්