ප්‍රේමයක් උපන් තැන සොයා
කිසි හිතක නැති ප්‍රේමයක් ගැනම
පතන්නට මම හුරුවෙලා
රුදුරු ලේ පිරි තෙපුල් දහසක්
සිනහවෙන් සුහද ඉවසලා
කාලයක් නොමැති මතකයක්
මොහොතකින් මා ඉවතලා
නොමළ ගෙයකින් අබ මිටක්
ආලයෙන් නොපිරි හදවතක්
තනිකමේ තිබු ගුරුත්වය මතම
ඇතුළු හදටම ඇලවිලා