වාසගම් - දන්නා දේ ගැන නොදන්නා යමක්.

අපි අපෙ වාසගම් ගැන උදම් අනනවා. එහි ඇති උදාරත්වය ශ්‍රේෂ්ඨ බව වගේ දේවල්. පරණ අය තම වාසගම් විදියට භාවිතා කරගෙන තියෙන්නේ, තමා කරන රස්සාව එහෙමත් නැතිනම් ජීවන වෘත්තිය. ගාර්දිආරච්චි, දිසානායක මුදියන්සේ,බණ්ඩාර, අප්පුහාමි වගේ නම් ඉහත දේට උදාහරණ. තවත් විදියට මගේ පෞද්ගලික අදහසට අනුව ඔය කුල මල වල මූලික කාරණයත් ඔය ඉහත කාරණාවම යි. තමන් ඉන්න ප්‍රදේශය අනුව, කල ජීවනවෘත්තිය අනුවත්, තම අයත් උන කුලයත් යන මේ මූලික කාරණා දෙක පදනම් කරගෙන තමයි, වාසගම් යනාදිය හැදී ඇත්තේ.

රක්ශාව අනුව: හෙට්ටිආරච්චි, චෙට්ටියාර්, අප්පුහාමි, මුදියන්සේ.

ජීවත් වන ප්‍රදේශය අනුව: පුවක් ඕවිට, ඉද්දමල්ගොඩ, කිරිඇල්ල, කිරිපෝරුව.

කුලය අනුව: මනන්නලා ගේ, නැකතිගේ.

යම් දෙයක් පාදක කරනොගෙන හෝ එයට හේතු රහිතව හෝ සහිතව වාසගම් භාවිත කරනවා නම් ඒ යුරෝපීයන් ම පමණයි.

වාසගම් වගේම භාවිතා වන නම් ගිහියන් නොව පැවිද්දන් අතර තමා හට පැවදි වන විට ලබාදෙන නාමයට ඉදිරියෙන් භාවිතා වෙනවා. එහිදී තමා උපන් ගම හෝ පැවදි වන විට ජීවත් ව උන් පලාත දැකිය හැකියි.
එල්ලාවල මේධානන්ද, ඇල්ලේ ගුණවන්ස, ගැටහැත්තේ සෝභිත ආදිය උදාහරණයි.

වාසගම් ගැන විවිධාකාර අදහස් ඔබ තුලත් තිබිය හැකියි. හැම දෙනා සමඟ ම බෙදාහදා ගැනීමේ ගතිගුණය ඔබ තුලත් තිබේ නම් විද්යුත් තැපෑල හරහා මාව අමතන්න. මම ඔබගැන කියා අදහස පල කිරීමට සූදානම්.

ස්තූතියි.
lishanpuwakowita@gmail.com

1 ක් අදහස් දක්වලා.:

shihan mihiranga

henegama muthukumarana gowigama da?

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්