ආදරේ ඇහැරවා නිදන නුඹ

sleeping-girl

ඇහැරිලා ඉන්න විට
නිතර මොරදෙන උඹට වඩා
කොට්ටේ වෙනුවට
මගේ අත බදාගෙන
නිදියන උඹට මම ආදරෙයි

ආදරේ කියලා හිතන එක
ආදරේ නොවුනත්
එහෙම හිතන එකත්
සැපක් වර්තමානය
අමතක කර

තුරුලු වෙන්න
නිදියන්න
නොම ඇහැරෙන්න
කොහොමත්
නිස්කාරනේ මගේ බෝතලේට
විරුද්ධව
නිතර මොරදෙන නුඹට වඩා
බොඳ වෙච්චි ඇස් අස්සෙන්පේන
මයේ අතට ගුලි වෙච්චි
උඹට
මම ආදරෙයි.

වෙනස

Absolute_alone_10

පදපෙළට ගෙවූ මිල
අත මතට ගුලි කරවා
පැහැර ගත් ගී කමල
ගුවනේ සැරි සරන කල

ලියූ අත කරවා අමතක
ගැයූ හඬට සත්කාර කොට
නංවා යසට වේදිකාවට
තොල් සලා
පසෙකින් ගැයෙන ගීතයට අනුව
දහසින් බැඳි පියලි පුද කර
නංවා නවතම සිවු සක් රියට
යනවිට අහසින් වැදි අකුණක ලෙසින්

ලියූ අත තනිවම තැබෑරුමක
දහසින් බැඳි පියලි වෙනුවට
රහමෙරක පහස ලැබගෙන

F e t i s h

පාදයෙන්
තෙරපා
කැලුම්දෙන
ආලයක් තුල
පෙම
මෝදුවෙන
සැපට
යටිපෙළ
සූක්ෂම වෙන

නුඹය
මා ලොව
ස්වර්ග රාජ්‍යය


සකේ උගුරක පෙඟුණු මතකය

විජිනිපත් හිඩැසින්
බැලුම් ලන
ඔබද ඒ ගීෂාව
මගේ මත් ලොව තුල

සකේ උගුරක පෙඟුණු මතකය
ස්පර්ශකර එක වදනකින්
සලා යනවද විජිනිපත් සර
දසත මවමින් ඒ අතීතය

නොලැබ මතකය තුටින් සජ්ජිත
බමන මතකය පටලවයි සිත
සිහිනයකදී අතුරුදන් වූ
තුහින වැසි දිය බින්දුවක ලෙස

ගිර සහ පුවක

සැම අතට
දිස්නය දෙන
සැම දන දෙනෙත්
පිනවන
සිනාසුන මුත්
දෙනෙත බිය කරවන
දුරු රටක තෑග්ගක් වූ
පිත්තල ගිරය
නුඹ

රටට පෙනෙනට
සිනාසෙන මුත්
නිතොර බිය වන
හදවතින් සරි
වෙලාගත් ගිර
හස්තයෙන් දැඩි
දෙපලු වෙන්නට
තුටින්? සැරසෙන
අසරණ ම අසරණ
පුවක
මම

:/
Return top | ඉහත්තාවට නැවතත්