ආදරේ ඇහැරවා නිදන නුඹ

sleeping-girl

ඇහැරිලා ඉන්න විට
නිතර මොරදෙන උඹට වඩා
කොට්ටේ වෙනුවට
මගේ අත බදාගෙන
නිදියන උඹට මම ආදරෙයි

ආදරේ කියලා හිතන එක
ආදරේ නොවුනත්
එහෙම හිතන එකත්
සැපක් වර්තමානය
අමතක කර

තුරුලු වෙන්න
නිදියන්න
නොම ඇහැරෙන්න
කොහොමත්
නිස්කාරනේ මගේ බෝතලේට
විරුද්ධව
නිතර මොරදෙන නුඹට වඩා
බොඳ වෙච්චි ඇස් අස්සෙන්පේන
මයේ අතට ගුලි වෙච්චි
උඹට
මම ආදරෙයි.

3 ක් අදහස් දක්වලා.:

Dee

මගෙ මිත්තරයා කියන්නෙ, ඔය ගැහැණු චරියාවල් පිරිමින්ව අසාදාරණව මෙහෙයවනෝ කියලා.. මන් හිතන්නෙ ඒ අහිතකට නෙමේ, හේතුවක් ඇතුව කියලා..

කොහොම උනත්, අහවල් බයොලොජියෙ තියෙන ද්වීධ්‍රැවීයතාවයම තමා, මේ කවියට රසය එකතු කරලා තියෙන්නෙ..

රස වින්දෙමි - ස්තුතියි!

අකීකරු හිත

"නිස්කාරනේ මගේ බෝතලේට විරුද්ධව" හ්ම්.....

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්