ගංතෙරට පෙම්බැඳ


ඉවුරු අයිනෙන් සෙමෙන් පදවා
ගඟ දියෙන් මංපෙතක් අසමින්
පදවයි තොටීතැන සිය පහුර
යුහුසුළුව පෙරමුණට

කෙනෙකු අත වැනුවොත්
හිසින් සන් කළහොත්
වහා නවතා ඉවුර අසබඩ
තොටීතැන ඔහු වෙතට ඇවිදින

කිමද මා හට හිසින් සන් කර
එන්ට කියවා නිහඬ වන්නේ
එසේ අසලා මිතුරු වී ඔහු
විටෙක පහුරින් ගොඩකරන්නේ

සොවක් ඇති වූ කලෙක වරුවක
කඳුළු ගනීමින් ගංතෙරේ හිඳ
විටෙක ගසකට පහර දී ඔහු
හඬනු දුටුවා තදින් දුක්ගෙන

ජීවිතය නම් ගඟේ පදවන
මගේ පහුරත් නිතර පාවෙන
ආදරේ නම් ඉවුර අසබඩ
විටෙක නවතා ඔහේ ඇවිදින

පෙම් ඉවුරු මත වැවී ලොකුවන
විරහ දුක නම් මහා ගසකට
වැරෙන් තඩි බා මමත් හැඬුවා
මීට මහ කල්පයකටත් පෙර

5 ක් අදහස් දක්වලා.:

තිස්ස දොඩන්ගොඩ

මම බෝම කැමති ජාතියේ කවි
කැමති විරිතකින්ම
බලපෑමක් නැතිවම පපුව බරවෙන

amila chathuranga

තොටිතැන කියනකොට නිකං වදින් නැති ගතියක් තියෙනවා..නිකං පොඩි තැන වගේ ලයින් එකක් එනවා..

Dayal Bathee

විරිතත් හොඳමැයි
තොටියා,
සන්කර
නොයෙන
අඳෝමැයි!

මොණරි

ලස්සනයි.. බ්ලොග් රෝලේ තිබුනත් අද යි මේ බ්ලොග් ඒකට එන්න හම්බුනේ.. අපුරු බ්ලොග් එකක් ..

Red Riding Hood

ආදරේ ගං ඉවුරු අසබඩ
විරහවෙන් ඒ නුඹ හැඬූ හඬ
කල්පයක් ගත වුනත්, තවමත්
ගං දියට මතකයිලු සීතල...

ලස්සන කවියක්.. :)

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්