පූර්ව ස්වරය ලොප් වූ සඳ

heart2

මට පෙනෙන්න
වරල වනන
නුඹ
දිහා බලල
හිනා පාන මම
දැකලා
රවා බලන
නුඹ..,

පිපිච්ච ගමන්
පරවුනු මගේ
හිත
පහුරන්නේ
ලේ එන්නම ද?
(නම් නොදන්නා පොතක කොටසක්)

ප.ලි►
කවදා හරි
මගේ ලේ මතකේ
උඹේ පපුව අස්සේ
පැලවෙලා
මම නැති කාලෙක
එහි ආදර මල්
පිපිච්චහ ම
දැනේවි වෙනස
මහමෙරකට

එතකං අපි තනියම

online රමණය

free-webcam-chat-11

පිරවීමි පෝරමය
හඳුන්පොත කී ගායි
තවත් ඉවසමි
name, age, sex, ආදී
නෙක කොටස්

පසෙකින් ඇයි සිටියි
හදවත කිති කවයි
ඇඹරෙන නැවෙන ඈ
කොඳුරණුයේ මට ම දැයි
සිතෙයි දැන් දැන්

සිහියද අහකය
හිතෙන් පැණි පෙරේ
එබිමි “►” බොත්තම
ඈ මගේ මය.., රඟන්නේ
මට ම ය..,

එකවර ම…,

Dear Sir / Madam.,
Please.., verify your Credit Card to Continue the Show….

මේ මොන %$#@%$ක් ද මේ ...?

ස්තුතියි

Untitled-1

සබඳ,
යා නොවී එහි දුර ගෙවා
තැවේ තවමත් සිත තුලින්
යා නොවූ දුකත්
දිනූ අභිමනත්
ගැටී විසිරී
සැමතැන
.

සම්මානයක බර
අතට තව නොදැනෙනමුත්
හිතට බොහොම බර වැඩිවූ කලෙක
තුති පුදමි
උඹට, නුඹට සහ ඔය ඔතන ඉන්න උඹටත්
කියවූවාට මේ දැහැන
!

එක ම පෙම රහමෙර ම

drunker

ජීවිතය අඳුරේලු
කෝ මගේ රුපියලය
මට එපා මට එපා
විසිකරමි ගේ මුලට

ඇහිඳගෙන හැකි අයම
පුදා ඒ රා පොලට
ගෙනදියවු මට පදම
පිරි එ රා බෝතලය

අතීතයෙ එක කලෙක
අද වැනි ම වැහි දිනෙක
මා නිදන යහන මත
සිටියා ඈ මා සමඟ

රට්ටු වේසී කියත්
ඇසුවේ නෑ එක බසක්
පෙම පුදා මා ඇයට
ගතවි වරු දෙක තුනක්

එන විටදී පැල්පතට
ඇසුනා කෙඳිරිළි හඬක්
ඈ යහනේ උඩුබැලිව
සමඟ තඩි කලු එකෙක්

එදාසිට ඇය නොමැති
සයනේ වැතිරියේ මෙමා
පෙම් කලේ රහමෙර ට
නොමැති ගියේ මා දමා

photo blogger

ThePhotographer

නොබැලුව නොදැකි තැන් ලොවට ම රවන්නේ
සැහැල්ලුවකි පිටමැද තනි රකින්නේ
ලෝකය එකම තනි යායට පෙනෙන්නේ
මායිම් වැට කඩොලු නැත තඹයක තකන්නේ

විවිධාකාර තැන තැන කාලය ගෙවනා
වෙසෙස් මනුකැලක පහසට ලොබ බඳිනා
ගෙල පසුකර වැවි කේසරය නොකපනා
එය පිරිමදී සූෆි ගීසර මුමුණමිනා

නිතොර අතක රැඳි ඩිජියකි කැමරාය
නෙක රැස වර්ණතල හැඩතල ගත්තාය
කැපී කෙටී එය බ්ලොගයක දිලුනාය
ඒ රූ කලස දැක ලෝදන දෙඩුවාය

මල්කෙමියක බමරින්දක නොමැති තැන
වැව් ඉවුරක සුර අඟණක ලෙස දකිත
අටවා කැමරාව ගෙන රූ කලසක් සොඳට
ඒ හැඩ කරයි නිමවෙන තුරු සවස දින

දවසක නිමාවක සටහන මෙසේවෙතී
සුවදුක් අසනු නෑයෙක් මල්ලෙක් නොමැතී
අනාගතය දරුමල්ලන් නොමැතී සකී
සෙට දවසත් සැමදින සේ මෙලෙස වෙතී

බන්ධන

grid world

නොදන්නා කිසිවෙකු
වෙයිද මේ ලොවතුල
අඳුණන්න ට අපහසු
සිතුවිල්ලක් හැර

නොදන්නා හැඳිනීමක්
වෙයිද කිසිවෙකුතුල
සිතා ගන්නට ට අපහසු
ලෝකයක් මිස

නොදන්නා සිතුවිල්ලක්
වෙයිද මේ ලොවතුල
අඳුනන්නට අපහසු
කිසිවෙකු මිස

නොදන්නා ලොවක්
වෙයිද මේ සිතතුල
අඳුණන්න ට අපහසු
හැඳිනීමක් හැර

රූපානුග්‍රහය► http://goo.gl/97d6Q

[වි]සංවාද…,

coffee love

නිබඳ සිත සනසා කියාලන
ආදරේ පොඩි පැතිකඩක් ගැන
කෝපි උගුරක වී තුරුලුව
වරු ගෙවෙනතුරු කතා කරමුද

කතා කරනා ඇඟිළි තුඩු ගැන
එයින් ගලනා කවි පෙළක රස
විඳින්නට හිතෙනා සවසක
වරු ගෙවෙනතුරු කතා කරමුද

නිහඬ රස පිරි සෙන් කතා ගැන
ජන කතාවක චරිතයක් ලෙස
සිත් තැවුල් පන්හිඳට බර කර
වරු ගෙවෙනතුරු කතා කරමුද

වයින් උගුරක සුමුසු පෙම් රස
ආලයට සමබර කරනවද
මගේ නුඹගේ එදා ලොව ගැන
වරු ගෙවෙනතුරු කතාකරමුද

නුඹ ඇතුලේද මම

confusing

මේ ආදරේට නමක් දෙන්න

lips

කඳුලක්ව ගැයූ ආදරේ
පිසලන්න හැකිනම් අත්ලෙන්
කිමැයි නුඹ දුර ඈතක
හිතත් ගුලි කරගෙන

හුරතලෙන් අතගා කම්මුල්
ආලේප කෙරුවද
ආදරේ
අදහාලන්නද කෙලෙස
අඳුරේ බැව් නුඹ

සිහින කී මාවතේ
නුඹ පියමැන්නද
නො ඇසුනිද ප්‍රේමිය
යටිහිත මොර ගෑ රහස'ඹට

නොසිතුවෙමි අරුමයකැයි ආලය
කණට කොඳුරා ආදරෙයි කියූ දින සිට
නොසිතුවෙම් මිට මෙලවූ කාසි
බරයයි වඩා අපේ පෙමට

සිහිනයකට පෙම් බැඳ

Love

සිහිනද නිදන මහ රැයක
නිදයි
ප්‍රේමය
සිතුවිල්ලකට තුරුලුව
මතක් වී ඇය
වැළඳ ගන්නට තැනුවද
නැත ඇය
හද සයනය තුල
හීනයක අතගෙන
ගොසින් යලි නොඑන්නම

කුටුම්බය රකිනට
කෙළක් දැරුමුත් වෙර
මා මත වැටී ඒ
අදිසි නිද්‍රාව
එළිලන විට සිහිනය
ඇය....
නොඑන්නට ගොසින්
සිහිනයකට පෙම් බැඳ

ප්‍රේමය කිමැයි මේ
නපුරුකම් මා හට
මලවි දුනු ඇද
වැරෙන් විද්ද ද
දෙවසකට පෙර
වැදී ඇත්තේ
රකුසු සිහිනයකට
මට නොව

තනිකම හිත ළඟට
තියා මා තනියට
නොඑන්නට ගොසින් ඇය
සිහිනයක අතගෙන

Community romance

computerlove_jpg

කෝ මගේ Twit එක….
මම FB එකේ…..
ආදරේ Share කරනවා
අහ්..!!!
Free නම් එන්න Buzz එකට
අපි යනවා Trip එකක්

Letest News මොනාද
Meshable ගියේ නෑනේ මෙයා
අලුත් Blogs කියෙව්වේ නැද්ද..?
අද Syndiයේ වලියක්
මේ ඒක නෙවී
ඔයා Mint ද?
මම se7en අනේ
...!!

ඔයා මට Like ද?
We have lot in common නේ!!
මට Fortune cookie එකක් ලැබුණා….
ඉතින්
ඒකේ තිබුණේ මට ඔයා Love කරයි කියලා
...!!!

ඔයා මට Like ද?
.....?
කියන්නකෝ!!
මම...?
Yess...!!!
Sorry This user is offline right now… 
Leave a massage for him

මගේ ආදරේට එයාගෙ හිතේ
Access Denied වගේ..!

ක්‍රියාපද පෙම

බැලුවා
දුටුවා
ඉඟිකලා
හිනාවුණා
සිතුවා
පැතුවා
කතාකලා
එකතුවුණා
පෙම්කලා
සිපගත්තා
කල්ගියා
පරණවුණා
ගහගත්තා
බැණගත්තා
එපාවුණා
වෙන්වුණා
චුතවුණා

1

කදිරවේලු වෙත සෙනෙහසිනි

matri

කදිරවේලු ඈත බලන
සලුව යටින් ඇස් දකින්න
බිම බරවී හද පිරිමැද
පෙම් කැල්මෙන් සනහාලන්න

කදිරවේලු ඈත බලන
හිත් පෙම්මල් පුබුදුවන්න
හෙළ කුල කත සරණට ගෙන
කෝවිල් බාරය ගෙවන්න

කදිරවේලු ඈත බලන
සිනිඳු වරලේ සුව විඳින්න
ඒ දවසට නුඹට හැකිද
පිච්ච මලින් ඈ වසන්න

බුදුරදුන්ට මල් පුද දෙන
ඒ අත් දෙක භාරගන්න
බමුණු කුලේ නුඹ සතුටුද
තැල්ල ඇගේ ගෙල බඳින්න

කදිරවේලු ඈත බලන
හදෙන් යලිදු අසාපන්න
රන්වැලියට ශිවදෙවොලට
එකට හැකිද මල් පුදන්න

වීණාව, නුඹ හා තනිවූ මම

තනි වූ කල
වෙන වයන්නේ
ඒ මතකය ඉවත
ලන්නට ය.
ඉදින්
වීනාව තෑගි කලේ
නුඹ බැවින්
කෙසේ නම් සලාලන්නද
ස්වර හා බැඳුණු
මතකය
මම

කුරුලු සර වින්දේ
නුඹ කියූ අයුරිනි
පොත් රකින්නේ
නුඹ කියූ අයුරිනි
පිරිත් අසන්නේ
එදා නුඹ
ළඟසිටි අයුරිනි
ඉදින් මම තවමත්
ධම්ම චින්තාව
සරණ යමි

මතකය ගෙන අහසට
දස වසකට පෙර
ගියද
මහද කුහර
තුල
නුඹයි දිදුලන
පත්තිනි රුව
සැමදා
අත්තම්මේ

අකුරු අඩු පෙම් කවිය

1812_no_love_without_love fire copy

එකතු කලෙමි බිඳෙන් බිඳ
ඇඟිළි අස්සෙන් රූරත්දීත්
රැකගන්නට මම
මගේ
අකුරු අඩු පෙම් කවිය ඇය

සුවිසල් ගසක මැරුණු කොලයක්
වී සෙවන දේ ඒ හිත මැද
සෙවනැල්ල වී ඇය
මතකය රැක ගනිමි මම
මගේ
අකුරු අඩු පෙම් කවිය ඇය

පාවී අන් ගසක සෙවනට
වැටුනත්
නොවේ වෙනසක් හිතේ මගෙනම්
ඒ සිතුවිල්ල රැකගනිමි මම
මගේ
අකුරු අඩු පෙම් කවිය ඇය

මතකයෙන් පලිගන්නේ කෙලෙසක

aloneboy_ee3e7ql1

පෙම්බරිය මේ අසාපන්
දුර ගියත් පෙම දමා පසෙකට
ඇහිඳගන්නම් ශේෂ වූ පෙම
මතකයෙන් පලිගන්නේ කෙලෙසක

වෙනත් අතකට තුරුලු වී අද
සන්සුන්ව පිය තබන නුඹ දැක
කෝප නැති පෙම්බරිය නුඹ ගැන
මතකයෙන් පලිගන්නේ කෙලෙසක

හැමදෙයින් මට උරුම තනිකම
විඳිමි එය මුලු හදවතින් මම
දුරට පා කර යවමි මම පෙම
මතකයෙන් පලිගන්නේ කෙලෙසක

ගබ්සා වූ සුරඟන වෙත සෙනෙහසිනි..!

scan_0802

හදට නොතියා
බර අඩි
වායු පා යානයක්
සේ නිතර
වඩින තුරු
මෙලොවට
තුටු මල්
ඉසිමින්
දෙ හදවත්
අතර
එතෙර මෙතෙර
ගිය

නුඹ

නොමැති කල
දැනෙන
වේදනාවට
බෙහෙත්
නොකියා ගියේ
කිම
ආතුර වූ
අප
හිත් වලට
..?

දිලෙන නුඹ හා ළදරු මම

moon

අත පොවන
තරම්
ළඟසිටි
නුඹ
දුරගිය
හෙයින්
මම
හිස පොවා
බැලීමි..,

නුඹ
සඳක් ව
අහසේ දිලේ
තනිවම..!

මම තවමත්
හඳට
පැතුම් පුදන
ළදරුවා වෙමි
කවදාවත්
නොලැබෙන..!

(අ) කිකරු අකුරු

1

සඳ සෙවනැලි

moon-reflection-wallpaper-b%26w-w7!xl@

හඳට
පෙම් කරන
දිය කැඩපත

මම ද හඳට
පෙම් කරමි
දෑත් දිගුකර
හිමි කරගන්න බැරි සඳ
දිය කැඩපතට
නැමුණු විට මම
බොඳ කලේ ඇයි
මා සිත්සඳ

තාමත් ආදරෙයි
සඳට මම

මුකුලිත පෙම

lishkavi b

◄පාලුව►










11

වෙනදාට
රෑ මැද්දේ
හිත උඩින්
අඩි තියන


සිතුවිල්ල
මේ රැයේ
නාවේ ඇයි
බැලුවාම


පපුවකට
තුරුලුවී
මා නොදුටු
මීට පෙර


තබනවා
දුටුව මම
පෙරතියපු
සටහනම

◄ කරමු සක්මන් අනන්තය වෙත ►

_mg_4736

ඇවිද යමු අපි එකම පෙළට ම
අත් නොඅල්ලා මිරිකෙමින්
මුහුණ සඟවා එකිනෙකා වෙත
සිනහ වී අහකට තුටින්


පෙර මැවූ ඒ සිහින මාළිග
තියා තිබු තැන එලෙසකින්
ඇවිද යමු අපි අනන්නතය වෙත
පෙම කිමැයි නොම දත් ලෙසින්


ලොවේ ඇති බෝ දේම විමසා
සිටින්නට දැනුවත් බවින්
අත හැරලා ආදරය නම් දේ
ඉමුද අපි අපේ පාලුවෙන්

කරමු සක්මන් අනන්තය වෙත
අතීතය සිහිකර තුටින්
මුහුණ සඟවා එකිනෙකා වෙත
සිනහ වී අහකට තුටින්

සුන්දරී මංජරී

කරදිය වලල්ල මත
කරක් ගහන සුන්දරී
සුන්දර ගීත ගයන
ඔබ මගේද මංජරී
ආදර පුදසුන ළඟ
වැඳ වැටුනත් පෙම්බරී
අපගෙන් අප ඈතද
නොදන්නෙමු සුපෙම්බරී


මද්දල තාලෙට
ඉඟ සුඟ නටවන සුන්දරී
තුති ගී ගයමින්
නුවරුන් පිනවන පෙම්බරී
මා හද ඔබගේ
යැයි නොම සිතූ හැඟුම්බරී
කිම එක් දින පෙමකට
සිත පිදුවේ මංජරී


මූදු හතෙන් එහ මම
දිගුකල් නැව් නැඟුනත්
එළඳුන් නොදැක නොවේ
ඔබහට පෙම පිදුවෙත්
රූබර ළඳුන් අතර
ඔබ මට රන් තරුවක්
මංජරී නුඹ මගේය
එය නොවෙනස් කවදත්

belly dancerb

පෙම් ගිණුමක් හිස් වූ සඳ

Apple

ශේෂ නොමැති පෙම් ගිණුමේ
හර බැර දෙක සම නොවුනේ
හර බැර දෙක සමනැති කල
කොහොමද ගිණුමක් වූයේ

 

ඇය වෙනතක බලා හිඳී
මම ගල්කැට ගනී ගනී
හදවත් දෙක දුකින් පෙලී
යයි පෙම් ගිනුමත් ක්ෂය වී

 

ඈ හිත ලක රුපියල මෙනි
කොයි බැලුවත් එක තැන නැති
මම නම් මහ බැංකුව මෙනි
කවදාවත් සැලී නොසිටි

 

අසල තිබුණ තැම්පතුවක
බැරවිය පෙම් ගිණුම ලෙසට
ඇය දැන් නව පෙම් ගිණුමකි
ක්ෂය නොවනට සිතා සිටින

 

මා ගිණුමද විය ජංගම
අයිරාවිය මම මඟට ම
ඇගේ බැර කම මකාලන්ට
පෙම්ගිණුමක් සොයනෙමි මම

 

දැරියකි ඈ හිස් ගිණුමකි
මා වගේම බැරකම් නැති
තනි වූ මගේ හිස් ගිණුමට
ඇය හරි මම බැර කරගමි

තවම හොයන වෙනස

deffrence

උඹ කලුයි
මම සුදුයි ලු  (ඇත්තට ම මම තළෙලු)
උඹ ඉන්නේ ලැයිමෙ ලු
මම ඉන්නේ ගෙදර ලු
උඹ කොටියලු
අපි සිංහයො ලු
අනික
අපි අපෙන් හරි වෙනස් ලු..!

එහෙනං

 

උඹට තුවාල
උනාම පනින ලේ
රතුයි නං
මට ගැහුවාමත්
පනින ලේ
රතුයි නං

උඹට ආදරේ
දැනෙනව නං
ඒ ආදරේ ම
මටත් දැනෙනව නං

එහෙනං

ඔය හැමෝම කියන
අපි දෙන්නගේ
වෙනස මොකද්ද...?

 

මම
තාමත්
හොයනව
ඒක...!

මිතුර මේ කව පුදන්නේ ඔබ නමට ය

wa

දිරාගිය රුකක අබලන් බස් රථ අසල
බත් අහුලන ඉඳුල් අතින් මුව පිහින
කණ ඇස පිස දමා ගලනා කඳුලු බිඳ
සිඟමන් යදින්නෙකි බස් රථ වල නිතර


අපුල මුව අයා කියනා කවි මිහිරී
අත වූ නලාවෙන් පුරවයි අඩු කෑලී
නැවතුම් දෙකක් පහුවුනු තැන කලබල වී
හනිකට බසින්නේ මොනවද මුමුණමිණී


එක් දිනයක මම යනකල කඩුවෙලට
මේ ගීවේදියා නැඟුණා බස් එකට
ගයමින මියුරු ගී මිල්ටන් ගේ සිහින
සනසන්නට වීය සැමදෙන එහි සිටින


නැවතුම් දෙකක් පසුවූ පමණයි පාලූ
පෙර නොමදැකි ලෙස ඌ කලබල වීලු
නවතන් අයියේ නවතන් කියමින් මහරූ
බෑඟිරි හඬින් මූ කෑ ගැසුවයි යාලූ


කියනට මට අමතක විය එක දෙයක
ඇසුවා මම දිනක් ඔහු හමුවී මඟ ක
ඇයි නුඹ බසින්නේ හැමදින එක තැනම
කියපන් මිතුර දනගන්නට මනාප ම


මහත්තයෝ නැවතුම ළඟ ඇත සොහොනක්
එය මගේ පුංචි දුවගේ පොඩි සිරියාවත්
ඈ මිය ගොසින් දැන් අවුරුදු තුන හතරක්
මට ඇති නොවේ හැමදින ගොස් ඈ බැලුවත්


ගී කියමින් ය බස් රථවල ඇය වැඩුවේ
ඈ පොඩි දුවක් නොම දස විය පිරවූයේ
ඈ මවු මරා උපන් දුවණිය වුව මාගේ
ඈ මගේය මා හද ඇයගේ මිතුරේ


මෙලෙස කියන කල මට තතු ඔහු බසින
පැහැදෙන්නට විය හේතුව එය කරන
ලොව ආදරය පමණයි ඇති එකම දෙය
ඒ උපදේසේ මට දුන්නේ හිඟණ පිය


දින කිහිපයක් ගත විය කිසි නොවූ ලෙසම
මා හිත හටත් අමතක මේ සිදුවීම
මා යලි දිනක් සෙයිලම වෙත යන විටෙක
දුටුවා පුරුදු මූණක් ඇත  බිත්තියක


අවමංගල්‍ය දැන්වීමකි මා දුටුවේ
හිත නැවතුනේ මන්දැයි මට නොතේරුනේ
හැම දිනයකම මිල්ටන් ගී කියන අනේ
ඒ ගීවේදියා යයි නොම එන ගමනේ


දුව සිය බිරිඳ යැවි දෙසටම ගිය මිතුරේ
ගෙව්වා උනත් උඹ මේ වක ඒ කරුමේ
පින් පමුණන්නේ බුදු හට පුදලා පද්මේ
යලි ඉපදෙන්න කියලයි නුඹ දෙව් තුසිතේ

 

පරණපාර කොළඹ අවිස්සාවේල්ල බස් රථ වල නැගී ගී ගඟුලෙන් අප සනහන මිතුර.., පියසේකර.., ඔබට අමා මහ නිවන් සුව ලැබේවා..!

මම නුඹ හට නොම සලකමි

noma

ඇතුලත ගිනි පිටතට දී
පිටත ගින්න ඇතුලට ගත්
වදක භාරියාවක ලෙස
මම නුඹ හට නොම සලකමි

 

නොම ගැලපෙන අදහස් ඇති
නොම ගැලපෙන සිරුරු දෙකක්
සතප වන්න බෑ එකවිට
කවදාවත් හැමදාට ම

 

කෙතරම් හොඳ සැප සම්පත්
තිබුනත් මට හැමදාමත්
දෙන්නට සැප බෑ සොඳුරිය
නුඹ නැතිනම් මට හිතවත්

 

මා රිදවාලන්නට නුඹ
තැත්කෙරුවත් හැම දාට ම
පළි ගන්නේ නුඹගෙන්මයි
එය නුඹ දන්නෑ තාමත්

 

නැත වෛරය මට නුඹ ගැන
ඇති අනුකම්පාවක මිස
අප දෙන්නා නොබැන්දනං
අපි හොඳ මිතුරන් තාමත්

පෝස්ටර

1

අලවති
පක්ෂය

ගලවා යලිත්
අලවති
විපක්ෂය

පැන්දමා නහවා
ඇලවි දේ
ගලවති
පොලීසිය

වැස්ස වලාහක දෙවියනි දිය ලබලා දෙන්නේ…!

black-rain1

ඇස් කකියන වෙහෙස නිවා
සිත් කකියන දුක අරවා
වැව් අරණට දිය පුරවා
වැස්ස වලාහක දෙවියනි
දිය ලබලා දෙන්නේ...//


නිමක් නොමැති දුක දැකලා
දුඹුලු සුවඳ නැහැය අරා
ගිනියම් වූ ලොව නිවලා
වැස්ස වලාහක දෙවියනි
දිය ලබලා දෙන්නේ...//


සියොතුන් යන්නට පියඹා
නීල වණින් ලොව සනසා
සුබවත් නව ලොව උදෙසා
වැස්ස වලාහක දෙවියනි
දිය ලබලා දෙන්නේ...//

ගීත රචකයාගේ කවිය

home_img04

තරු වලට ගයන ට
සවන් පිනවන්න ට
බඩ වියත රකින ට

ගී  පබඳන්න බෑ මට


මිලදී එ ගැයුවත්
ගයා මිල ලූවත්
ගී පබඳනු කෙසේ
හද බසින් නොනැගෙන...?

 

අඹගස, අම්මා හා මම

Mom_&_Son

වැඩුණු අඹ ගස මුල සිටිත්දී
අතීතය මතකෙට නඟා
පුංචි පුතෙකුගේ හිසක් පිරිමැද
මවක් සිටි එහි ඇන තියා


පුතුගේ සුරතල් බසින් තුටු වූ
සිනහලයි මවු හඬ නඟා
දෑත් සලමින් කියාලයි පුතු
කතාවක් සිනහා පපා


අනේ ඇත්තද, හරිම පුදුමය
මවුන් දිරිගන්වති පුතා
දිවෙහි පැටලුණු වදන් ගන්න ට
පුතු ව දිරිගන්වමි සිතා


පංච විසි වසකට ඉහත වූ
සිද්ධියක් මතකෙට නඟා
මවුන් සිටි පුතු හා පුරුදු ලෙස
කතාවෙන් අඹ ගස දිහා


එදා අද වෙනතුරුත් මා හා
අම්මා කී කොතෙකුත් කතා
කියයි තවමත් මා ළඟට ගෙන
තවම සවසට දිනපතා

රජින්දේ මේ අසන්නේ

123

උයනේ මාළිගාවේ
ඇවිද්දේ කෙලි ලොල්ලේ
කිම වුනේ පැවිද්දේ
රජින්දේ තට මමයි පෙම් බැන්දේ

 

කල කවට විරුකම්
දොඩද්දී අප සතුටින්
කිමැ නොසිතුවේ විප්පයෝගේ
රජින්දේ කිම මටම දුක් දෙන්නේ

 

පැවිදි වත දවටා
බණවර කියනු අසලා
කෙසේ හද නිවාලන්නේ
රජින්දේ අද නුඹ බිසෝ ගින්නේ

වියලි මතකය අකුරු වූ කල

leave

සොයමි හැඩකුරු පසු හඹන්නට
අතහැරුණු කොලයක් සොයා
මැරුණු මතකය දලු දමන්නට
සෙවන දුන් නුගයක් නිසා

 

කලක් පෙර ආදරය ඇමිනූ
මුතුවැලක් කොලයක ඔතා
ලබාදුන් ඈ නොමැත මා මඟ
ඇයි සිතම මගෙ බොඳවෙලා

 

ගැහැණු චපලය ඔවුන් කපටිය
කියා හද මගෙ රවටලා
කෙසේනම් මා අදහාලන්නද
අතීතය මගේ ඈ නිසා

 

අළු අහස මැද රිදී රේඛා
බොඳව යනු නෙතකින් බලා
අමතකව යන්නට ම මත්තෙන්
මෙලෙස කවි කැකුළක් කලා

ගල්රෝල හා පින්තූරය.


oops

පළඟැටි වත

shu

 

මිදී නිසල් සක්මනින් ප්‍රවේග ගමනක යෙදී
මිදී සොඳුරු ප්‍රේමයෙන් සංකර ආලෙක බැඳී
මුක්ත වී එ සැලකුමෙන් පරිභවයට මුහුණ දී
මා ලොව පෙරැළමින් යයි කණපිටට ම දිනුම දී

 

මවුවත් ආලය අතහැර කාමුක ගතකට ඇදී
මලවි කරළියේ රඟමින ගතදලයෙන් පහරදී
නෙතට නුහුරු කඳුලු බිංදු ඒ ගතටම බාරදී
මා යමි ඉවතට ඇයගෙන් ඇයවෙතටම කඳුල දී

 

හිරු එළියෙන් උදම් නොවී පහන වෙතට පියඹා යන
නිලංකාර ආලෝකය සුරපුරකි'යි සිහින මවන
රිවි කිරණින් සොඳුරු නොවී පහනට ජීවය පුදදෙන
මා තව එක පළඟැටියෙකි පළඟැටියන් ලොව රජයන

මගේ කතාව

296173016_4ac249c1d

සුඛාන්තයෙන් අවසන් වෙන
ප්‍රේම කතාවක් දුටුවම
ඇස නොදැන ම ඇසට කඳුලු
එනු ඇයි නොදනිම්


ඈට මා මතක් වෙලාද
මා හට ඈ සිහිවෙලාද
අප හට අප මතක් වීද
කියාල නොදනිම්

සුන්දර දුර ඈත කලෙක
එකමත් එක රටක දිනෙක
කොල්ලෙක් කෙල්ලෙකු හට
පෙම් කල බව කීවයි

දරන්න බැරි ආදරේක
ආසිරිමල් වැස්සේ තෙමී
ප්‍රේම ලොවේ පෙම් මල්
අප එකට ම කැඩුවයි

කලක් ගෙවෙන කල මේ ලෙස
අවාසනාවක මහතට
මා මවුපිය දෙපළ ඇයට
අකමැති වූවයි

එදා පටන් හැමපෝයෙම
පායන පිවිතුරු පුන් හඳ
වැනි ඈ ගැන මා හිත්මල
සිතුම් සිතාලයි

එදා සිටිම අද වෙන තුරු
සුන්දර පෙම් කතා දකින
හැම විටෙක ම මගේ ඇසට
කඳුලු පැමිණ මගෙ මේ මුලු ලොවම  තෙත්කරයි

 
   

. . . !

womenface2


කැමති වන්නට පළමුවෙන්
අකමැති වූ සඳ
ඈත් වන්නට පළමුවෙන්
ඉවත් වූ සඳ
ඉවත්වන්නට පළමුවෙන්
නැවැත් වූ සඳ
ඉතිරි වූයේ
එකම එක දෙයයි
එයයි හිස් බව

පරපෝෂිතයා

imgname--giardia_lamblia_genome_sequenced---50226711--giardia

හම්බ කොරං
ආවම
අයියේ බඩගිනියි
කියං
මුලු බත්පතිං
බාගෙට වඩා
කන එකා


අද
මා දුටු විට

කියත්

“ අපිට හරි වියදං නෙව
ගනිං නෝනේ
සීනි ඇටයක් අල්ල ට
මේ කහට උගුර
බොන්න “

අනේ මා හට පුතෙකු සිටියානම්

mom

පොවනු ආසයි
මගේ දෙතනින්
දෝරේ ගලනා
බිඳිති පුතු හට
අනේ මාහට
පුතෙකු සිටියානම්


ඇඳේ තනිවී
කොට්ටෙකින් ළය
තවා ගන්නා
සුපෙම් ලන්නට
අනේ මාහට
පුතෙකු සිටියානම්


නොයෙන ගමනක්
ගියෙපු පුතු පැටි
අම්මා තනිවී ඇතිය
ආයෙත්
අනේ නුඹ මා
පසම සිටියානම්

මම

1me


කයිලාෂ් වේය හිස උඩ
අලිඛාන් වයති වෙණ හිත ළඟ
වික්ටර් ය දකුණත
කවි ලියයි මගේ වම් අත


කව්වාලියට පෙම් කල
සූෆී ය චතුර්විසි පැය
හීනෙනුත් පොත් කියවන
විරහව ට හිත ඇඬවෙන


පරණවාඩියෙ සිප් හල
මෙ වකේ ජාල අටවන
ආදරෙන් හිත විඳවන
ලොව එකම මනු සතාවේ මම

නිදි සුවය

ATT356430910

මුව පොඩිති
මල්කැකුල
සනසවන

සුව නින්ද
පිරුවටය

සකසවන
අපට නැත්තේ
මන්ද

?

නිවීගිය පහන් සිල

050102_tsunami

දුව පැන්න ලොව දින්න දුවනි කොයි සැඟවුනේ
චණ්ඩ රළ තුලද නුඹ තවත් මගේ දියණියේ
නුඹ ගැනයි එකම සිත කොයිබදැයි සොයමිනේ
නැගෙන රළ තුල සොයමි තවත් නුඹ දුවණියේ


දෙ අත මත තුරුලි වී කිරි සිනා නගමිනේ
පවසනා රස බසින් මා සවන් වසමිනේ
"අප්පත්ති ආදලෙයි" ගෙල වටා වෙලෙමිනේ
සිටි මගේ සුරතලී කොහෙද ගියේ දෙවියනේ


අම්ම ගිය ලොවට නුඹ පියා සැලුවද පුතේ
අප්පච්චි තනියෙන් ය ඇයිද අමතක උනේ
අම්මගේ පහන ළඟ නව පහන එලිවුනේ
සුරලොවෙන් අතවනන නුඹටමයි දුවණියේ

 

Return top | ඉහත්තාවට නැවතත්