මතකයෙන් පලිගන්නේ කෙලෙසක

aloneboy_ee3e7ql1

පෙම්බරිය මේ අසාපන්
දුර ගියත් පෙම දමා පසෙකට
ඇහිඳගන්නම් ශේෂ වූ පෙම
මතකයෙන් පලිගන්නේ කෙලෙසක

වෙනත් අතකට තුරුලු වී අද
සන්සුන්ව පිය තබන නුඹ දැක
කෝප නැති පෙම්බරිය නුඹ ගැන
මතකයෙන් පලිගන්නේ කෙලෙසක

හැමදෙයින් මට උරුම තනිකම
විඳිමි එය මුලු හදවතින් මම
දුරට පා කර යවමි මම පෙම
මතකයෙන් පලිගන්නේ කෙලෙසක

9 ක් අදහස් දක්වලා.:

පබලු

අපූරු පදටික.....

නොලද පෙම ලග
හඩා පලක් නැත
නොලද සිත ලග
හිදී පලක් නැත
නපුරු ඈ හට
පෙමින් පලක් නැත
මතක අරගෙන
දුරට යනු නුබ...

තීර්ථ යාත්‍රිකයා

හරිම ලස්සන නිර්මාණයක්.
ලිෂාන් අයියේ ඔයාගෙ අඩවියේ ටෙම්ප්ලේට් හරිම සුවිශේෂී.මට ඒ ගැන පොඩ්ඩක් දැනගන්න පුලුවන්ද?

LishWish

@තීර්ථ යාත්‍රිකයා>> කිසීම වෙනසක් කරලා නැහැ..! මේ කවි බ්ලොගේට මම පාවිච්චි කලේ බ්ලොගර් අඩවිය හදද්දී අපිට මුලින් ම ලබාදෙන minimalist ටෙම්ප්ලේට් එක..! මම කලේ ඒක කලු කරලා අකුරු මලිති වලට හරවලා පොඩි වෙනස් කම් ටිකක් කල එක විතරයි..! :)
ස්තූතියි කොමෙන්ටුවට..!

රවා

ලිෂ් අයියා ඔයාලගෙත් හුස්ම වැටෙනවා කියලා දැනෙන්නෙ අපෙ ලිපියකට කමෙන්ට් එකක් ඔයාගෙ නමින් වැටෙද්දි තමයි, කාලෙකින් ආවෙ මෙ පැත්තෙ එද්දි දැක්කා අලුත් නිර්මාණය, ලස්සනයි ස්තුතියි.. අපි ගියා.

වන්නි

රිටන් එකක් දෙනවට වඩා ඔහොම හිතන එක හොඳයි. මොකද මෙතෙන්දී වඩා වටින්නේ මතකයන්...

Anonymous

මතක මන්දිර මැකී යනු ඇත
කාලයේ සුළඟින්
නෙතේ කඳුළත් බොඳව යනු ඇත
සිනා හසරැල්ලෙන්

එතෙක් සබඳේ තනිව නොහඬනු
මතක කාමරයේ
සිතක් එනවා ළඟම දවසක
නවතින්න කාමරයේ

දුකා

කොපමන දුර ගියත්
හති ඇර ඇර දුව ගොස්
ආපසු මුලටම එන
වට රවුමේ දිවීම
හෙවත්
නැති වූ
හදවත සෙවීමේ කාරිය . ..
දුකයි ඒත්
ඒත් . ..

තීර්ථ යාත්‍රිකයා

බොහොම ස්තුතියි තොරතුරට ලිෂ් අයියේ

LishWish

පබලු>>
මතක අරගෙන දුරට යනු නුබ...! ඒක තමා අමාරුම සහෝදරී කරන්න..! ඒත් මම ආසයි මේ පද වැලට..! බොහෝම ස්තූතියි..!

රවා>>
කාලෙකින් කොමෙන්ටුවක් නොදැම්මට.., මම උඹලා එක්ක හිටියා මලයා.! වැඩේ උනේ මම ටිකක් කාර්යබහුන උන නිසා කොමෙන්ටුවක් හලායන්න බැරිවීමයි..! ඒත් මම අතීතයෙන් ගඟ ගලා බසින විදියට හරිම ආසයි..!

කුෂාන්>>
ඒක හරි අතීතයේ මතකයන් තමා අනාගතයට ඉන්ධන වෙන්නේ..!

වත් අක්කා>>
අනේ එහෙම වෙනවනම් මොන තරම් හොඳද..?

දුකා අයියා>>
හරියට හරි මසං මේක නම් වටරවුමක් වටේ දිවිල්ලක් ම තමා..! ඉවරයක් නැහැ මතක් වෙනකොට..!

හැමදෙනාටම බොහෝමත්ම ස්තූතියි..! ජයෙන් ජය ම පතනවා..!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්