කෝප්ප තුනේ කතාව


අපේ ගෙදර
කුස්සිය පොඩියි
ඉස්සර
අපේ රාක්කේ තිබ්බේ
කෝප්ප දෙකයි

ඔයාගෙයි මගෙයි විතරයි

කාලේ වෙනස් උනා..,
මගේ ආදරේ වෙනුවට ඔයාගේ අතට පොඩි පැටියෙක් ආවා
අපි දෙන්නම ඒ ලස්සන ජීවියාට ආදරේ කරන්න ගත්තා
කලක් යනකොට අපේ රාක්කෙට තව කෝප්පයක් එක්කහු උනා
ඒ ලොකු පුතාගේ..,

කොල්ලා ලොකුයි.., එයා ට මල්ලියෙක් හරි නංගියෙක් හරි හිටියානං හරි නේද අනේ
එක හවසක ඔයා මගෙන් එහෙම ඇහුවා..,
මම සුපුරුදු නිහඬ උත්තරය දුන්නා

ඔයා සවසක කෝප්පේ හෝදනකොට ඔයාගේ කෝප්පේ බිඳුනු හැටි තවම මට මතකයි
අපරාදේ කෝප්පේ
ඔයා දුක් උනා..

එදා රෑ ඔයා වේදනාවෙන් කෑ ගැහුවා
කල්පයක් තරම් දිග විනාඩි ගානකට පස්සේ මම දැක්කේ
තුවායක ඔතපු ලස්සන රෝසමලක්
ඒත්
ඔයා...,
නින්දට ගිහින්

එයා ආපහු ඇහැරෙන එකක් නෑ..,
මගේ හිත කිව්වා..,

ඔයාගේ කෝප්පේ
කාලෙකට පස්සේ
මම පරිස්සම් කරලා
දුවට දුන්නා..,
එයත් ඔයා වගේමයි

තාමත්
අපේ රාක්කේ කෝප්ප තුනයි..,
ගොඩක් කෝප්ප මේ රාක්කේ
එල්ලෙන්න හැදුවත්
මම ආස
අපේ රාක්කේ
කෝප්ප තුනක් විතරක්
තියෙනවට

19 ක් අදහස් දක්වලා.:

Sabith

සංවේදී සිතුවිල්ලක්!

මඩිස්සලේ නිශාන්

හ්ම්ම් සංවේදී නිර්මාණයක් තමා

සාතන්

ලස්සන නිර්මාණයක් :)

hare :-)

හෙහ් හෙහ්... ඉස්සරම කාලෙ මම කෙල්ලන්ට කිව්වෙ කෝප්ප හතරක හීනයක් ගැන. පස්සෙ ඒක බැස්ස තුනකට... පස්සෙ ඒක එකක් වුණා... ඊටත් පස්සෙ කෝප්පයක් නැතිවම ගියා...

දැන් නම් ඒක දෙකක් වෙලා...

Dinesh

ඇත්තටම මේ කවි පෙල හිතට දැනුනා..

ජිංජිබිරිස්

පට්ට පද ටික හිතට දැනෙනවා

කිරිපුතා

සංවේදී කතාවක් පදපෙලකට ගැලපීමක්. විශිෂ්ටයි......

Weni

කෝප්ප හතරම තිබ්බ නම් සමබරයි..ඒත් අපිට ඒවා වෙනස් කරන්ඩ තියෙන බලය හරිම අඩුයි..මැවුම්කාරයා කෘරයි..

දුකා

"ඔයා සවසක කෝප්පේ හෝදනකොට ඔයාගේ කෝප්පේ බිඳුනු හැටි තවම මට මතකයි"

"ඔයාගේ කෝප්පේ කාලෙකට පස්සේ මම පරිස්සම් කරලා දුවට දුන්නා.."

බිඳුනු කෝප්පේ වෙනුවට තව එකක් ගත්තු බවත් පොඩ්ඩක් හරි කිව්ව නම් මේ උඩ දෙක ගැන මට නම් අඩුවක් නොදැන්න තිබ්බා . .

එහෙම නැතිනම් හැමදාම තිබ්බ කෝප්පේ වෙනුවට අලුත් එකක් වගේ මොකක් හරි වචන කෑල්ලක් . .. .

ඒක අනේ මන්දා . . නිර්මානය හොඳයි . .

සොමිකොල්ලා

ගොඩක් සංවේදී කතාවක්....

රූ....

ගොඩක් දේ කියන පද පේලි ටිකක්..ලස්සනයි..

පිස්සා පලාමල්ල

නිර්මානය සුපිරියි මචන්

Lishan Puwakowita

සබිත්, මඩිස්සලේ නිෂාන්, සාතන් : ස්තූතියි මචන්

හරේ: මගෙත් කෝප්ප නැතිවම තිවිලා දැන් යාන්තම් කෝප්ප දෙකක් රාක්කයක් ගැන හීනයක් තියේනවා..

කිරිපුතා, ජිංජිබිරිස්, දිනේෂ් : ස්තූතියි මචන්ලා

වෙනි අයියා: ඔව් ඉතින්.., බඹා කොටපු හැටියටලුනේ බබා ලැබෙන්නේ ;)

දුකා: ඔව් එහෙම වෙනසක් කලානම් හොඳා තමා.., ඒත් මේක ආපහු එඩිට් කරන්න මට තිබ්බ කම්මැලි කම නිසා එහෙමම තිබ්බා.

සොමි කොල්ලා, පිස්සා, රූ : ස්තූතියි මචන්ලා

හැමදෙනාටම ගොඩාක් ස්තූතියි..! :)))

සෝරෝ

සිරාටම දැනෙන්න ලියලා... සිරාම සිරා...

ප.ලි - දැංම කෝප්ප ගැන හිතන්න බෑ... :D

Il mondo di una povera pazza

කෝප්ප හීන කාට කාටත් තියෙනවා වගේ එහෙනම්...
මරු ලිවිල්ල

Lishan Puwakowita

සෝරෝ ► අවුලක් නෑ.., උඹට තව ඒකට කල් තියෙනවා මචන් :)

Buru ► ඒක වෙනස් වෙන්නේ නෑ අක්කේ..., හැමදාටම ඒක එහෙම තමා.., වෙනස වෙන්නේ ඒක හැබෑ කරගන්න යන කාලය එක්කලා ඊට අනුරූපව හෝ නොමව අපව වෙනස් වීම..!

ඕනයා

අපේ ගෙදර නං තාම කෝප්ප දෙකයි. හාමිනේගෙ අදහස දෙක හය කරන්න.

//ගොඩක් කෝප්ප මේ රාක්කේ
එල්ලෙන්න හැදුවත්
මම ආස
අපේ රාක්කේ
කෝප්ප තුනක් විතරක්
තියෙනවට//

මේ කොටසට තමා මම ගොඩක්ම කැමති. දැනට අවුරුදු 15කට විතර කලින් අපේ ගෙදර වෙච්ච සිදුවීම් ආපහු මතක්වෙනව වගේ දැනෙනව

PM

බොහො දිනකට පසුව ඔබ අතින් ලියවුණු හුදකලා පද වැලක්... ඒක සුන්දරයි. හුදකලාවක් තරම්ම.හිතට දැනෙනවා...ජිවිතේ භෞතික වස්තු එක්ක කොයි තරම් බැදෙනවාද ඒ හරහා ලොකොත්තර වු හැඟිම් සමුදායක් දනවනද කියන එක ඇත්තටම ඒක අත්විදින කෙනෙක් එක්ක කතා කළ යුතු දෙයක්. මතකයන් උද්දිපනය කරන්නවු සිතුවිලි වලට වඩා සමහර පුංචි වස්තුන් හිතට දැනෙනවා. මගේ එවැනි මතකයන් මේ පද වලින් අල්ලා ගනු ලබන නිසා මේ පද සුන්දරයි කියා මා හිතනවා.

අසුන්දරත්වය එක්ක සුන්දරත්වයට ඇති ගනුදෙනුවේ තරම මම මෙයින් දුටුව බවත් කියන්න ඕන. ඒ කොප්ප විතරක් තියෙන පිංතුරය කොයි තරම් දේ කියනවාද නිහඩවම සමහර පිංතුරයන්හි වැසුවත් නොවැසෙන මානව ප්‍රකාශයන්ට වඩා.

සුබ ගමන්!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්