~Nostalgia~

මම තවමත් ආස
ඔය දුන්න වගේ හැඩ ඇහි බැමට
ක්‍රීම් පාට නියපොතු වලට
චූට්ටක් දුඹුරු පාට කොණ්ඩෙට
ඇයි
කම්මුල් රතුවෙන නපුරු කමට

කොච්චර පරණ තැනක උන්නත්
හැමදාම හොයන අලුත් දේට
කවියක් වගේ හිත මත ගලන
අතොරක් නැති කතන්දර වලට

අන්න ඒකයි
මම තවමත් ආස
ඔය දුන්න වගේ හැඩ ඇහි බැමට
ක්‍රීම් පාට නියපොතු වලට
චූට්ටක් දුඹුරු පාට කොණ්ඩෙට
ඇයි
හැම පෝයකට ම අලුත්
හඳක් වගේ උපදින බලාපොරොත්තුවට

3 ක් අදහස් දක්වලා.:

Aruni Kalupahana

අමුතු ලස්සනක් තියේ..

නිම්නයක තනි වී හීන දකින්නී.

//ඇයි
කම්මුල් රතුවෙන නපුරු කමට//

වෙනස් පද , හැබැයි හරි මිහිරියි...

Lishan Puwakovitage

ස්තුතියි අරුණි සහ හීන දකින්නී :)

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්