skip to main |
skip to sidebar

කිසිවක් නොවූ තාලෙට
ලතාවට සිය සිරුර හැඩකර
ඇවිද ගෙන මා අසලට
පැමිණ හිඳගති
නිහඬ විලසට
පෙර වූ ඒ සිනහා
කෙළි කවට විරු කම්
නෑ මෙදා
පෙනෙනට
කෙලෙස නිහඬව
සිටිනුදැයි මේ
රුවැති ළඳ
සෝතාපයෙන්
සියල් අවසන
මදෙස බැලු ඈ
කියත් මෙලෙසට
වදන් ගුලිකර
"අද මට මේ ඔටුන්න තව එකෙක්ට පළඳන්න වෙනවනේ"
Return top | ඉහත්තාවට නැවතත්
8 ක් අදහස් දක්වලා.:
පුංචි කතාවක්, ජීවන සත්යක්, ටක්කෙට අඹරල!
තවත් දෙයක්... මේ කයිය කියවද්දි මට හුණුවටේ කතාවෙ පූරක කියන කවි මතක් වුණා. අබෂ්විල්ලි රජු ගැන මුලදිම කරන වර්ණනාව එහෙම. :)
නිර්මාණය ගැන නන් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ මචං.. ඒක සුපිරියි.. අකුරු ටිකක් ලොකු කරපං මචං.. මට මේ දවස් වල ඇස් රිදෙනවා.. කණ්නාඩියක් ගන්නකන් වත් අකුරු ටිකක් ලොකුවට දාපං ඇ.. මං පවුනේ.. :-D
සිරා......!!!
සිරාවටම මචං ප්රියංකටත් වචන වලින් නොකිව්වට ඔය ටික හිතෙන්න ඇති. එයාට විතරක් නෙවෙයි හැම රූ රැජිනකටම ඕක හිතෙන්න ඇති. අනිත් අතට ගත්තම එයාලට විතරක් නෙවෙයි මේ ලොකේ හැමෝටම එක එක අවස්ථාවලදි ඔය හැඟීම විවිද විඳියට දැනිලත් ඇති.
තමන්ට අයිති දෙයක් තව කෙනෙක්ට හොඳ හිතින් දීලා අයින් වෙන්න හැමෝටම බෑ බන් . . .
මගේ වාරේ ඉවරයි . . දැන් තව කෙනෙක්ට කියලා හිතන්න පලල් හිතක් තියෙන්නත් ඕන . .
කැපකිරීමක් කරල ගත්තදෙයක් තව කෙනෙක්ට දෙන්න තියන අකමැත්ත මනුස්ස හිතේ හැටියක් වෙන්නැති බං
Priyanka Chopra ගේ කට නේ?
Priyanka Chopra ගේ කට නේ?
Post a Comment