නිහඬවම
තුඩගින් කැඩී
ලොවට බර නැති
ලෙසින් පාවී
වැටෙයි හෙමිහිට
දිවියේ අවසන
තේරුමින් ගෙන
විලස වියැලුනු
කොහොඹ කොලයක්!
මවු සමඟවිත්
උයන් කොණ හිඳ
නටයි දුව පැන,
පෙර නොවූ ලෙස
නැවති එක තැන
කොහොඹ ගසෙකින්
වියැලී බිම වැටි
කොළ ඇහිඳ ගති
උයනේ සිටි එක
කුඩා දරුවෙක්!
පෙර කලෙක
ඔහු සමඟ දවසක
කල කතා මැද
හිස්වූ සිතිවිලි
ගෙවෙන තුරු
ඒ සොඳූරුකාලය
කොහොඹ කොල
වියලවා පොත් මැද
එකතු කල සැටි
මතකයන් ලෙස.
මතක කරවයි
වියෝ දුක් මැද
කොහොඹ කොල හා
කෙලින පුතු දැක
අසල සිටි එක
තුරුණු වූ මව!
අහිමි පෙම
මතකයක රඳවා
ඒ මතක
පුතු මතම වියලා
ප්‍රේමයේ කලු
මතක මැද්දෙන්
නැඟී නුවනත
පෙර නොවූ ලෙස
රුදු මතක මැද
තනිවූ කඳුලක්!
5 ක් අදහස් දක්වලා.:
අපූරුයි.. හිතට දැනුන නිර්මාණයක්..
අඩේ ඒක මරු! රිද්මේ කැඩුනේ එක තැනක විතරයි. "පුතු මත්තේම වියලා" කියන එක "පුතු මතම වියලා" වගේ උනානම් මරු. අදහස කොච්චර කෙලවෙයිද දන්නේ නෑ. මේ වගේවට කමෙන්ට් අඩු එකනම් සිරා. ඒක තමයි මේවයෙයි ඒවයෙයි වෙනස. අඩේ මරු බං.. අම්මයි, අඹ ගහයි, දතායි ගැන කවියටත් වඩා මට මේක සිරා!
touching
මේ කවිය කියවලා ගියේ නම් ඊයේ.
කොමන්ට් අඩු කතාව ගැන නම් ඒ තරම් ප්‍රශ්නයක් කියලා මට හිතෙන්නේ නෑ. අනිත් එක අපි වගේ අය නම් ඔය කොමන්ට් දාන්න භය ඉතින් අපිට හිතෙන දේ ලියලා ගියාම බොන තැන්වල අඩෝ අරහේමයි මෙහෙමයි කියලා ඔය බ්ලොග් කතා එන හින්දා. ඒ විතරක් නෙමෙයි පොඩි සූප්පු බොන බබාලගේ සමහර කතා ඇහුවම හිතට දුකක් දැනෙන හින්දා. නිකම් මොකටද එලවන් ගිහින් ප්‍රශ්න ඉල්ලගන්නේ.
කවි ගැන කියනන් මට තේරෙනවා අඩුයි ඒත් ලිශාන්ගේ ලිවීමේ රටාවට මම නම් හැමදාම එකම විදියට කැමතියි.
මේකේ පුතුගේ මව වියෝ දුකින් ඉන්නේ පුතුගේ පියා මියගිය නිසාද එහෙම නැතිනම් අසාධාරන නිසා ඇයත් පුතුත් දාලා ගිය නිසාද කියලත් අඟවන්න ඇහැක් උනානම් මට මේ කවිය මීට වඩා ලස්සනයි බන් . . .
ඒ බව නැතුව ලොකු අඩුවක් වගේ දැනුනා . .
(තරහ වෙන්ට එපා ඕන් ඇත්ත කිව්වේ හරිය )
Post a Comment