ගගන (අ)හිමි බාල සඳ


පහත ලිවීමඇඟිල්ල දිගු කර සඳ පෙන්නූ විට සඳ පෙන්නු ඇඟිල්ල දෙස බලා විනිශ්චයන්ට යොමුවීමට වඩා ඇඟිල්ල දිගු කල සඳ දෙස බලා තීරණයන්ට එළැඹීම මේ අනිසි සටහන් කියවන ඔබට භාරය..!

5 ක් අදහස් දක්වලා.:

SilentSahan

කමෝන් ගායිස් තව පාරක් දාමු සද්දෙට හොඳ ඉකියක් ... :(

මචන් ලිශාන් මේක උබේ බ්ලොග් එක කියමුකෝ.
උබ ලියන්නෙත් උබට ඕනේ ඒවා කියමුකෝ.
අපිත් ඇවිත් බලනවා කියමුකෝ..
බලලා මෙහෙම හිතෙන දේවලුත් කියනවා කියමුකෝ..

" ඒ නිසා උබත් ඇඟිල්ල දිහා නොව සඳ දිහා බලපන් "

amila chathuranga

ලංකාවෙදි ටෙලි නාට්ටි වලයි පවෘත්ති වලයි වැඩි වෙනසක් ජනතාවට නැහැ..ටෙලි නාට්ටි වල පිටපත ඒ සතියෙම ලියාල ඒ සතියෙම සූට් කරලා පෙන්නනවා...පෝර්ති එදාම පිටපත ලියලා එදාම පෙන්වනවා....
මිනිස්සු එදාට අඩලා ඒක අමතක කරලා දානවා...

PM

බාලචන්ද්‍රන්ලා දහසක් වියැකුණු අහසක එක සදක් විතරක් මතුව එන්නේ නායකයාගේ පුතු නිසාය යන පෙනෙන දෙය අමතක කළ නොහැක. බල්ලන් දහසක් මිය ගිය විප්ලවයක සාර්ගේ බල්ලා මැරිම ගැන ද කලක් ලෝකය සත්වානුකම්පාවෙන් කතා කළා. මේ ළමයෙක්... සත්ත්වයෙක් ලෙස බලන කළ දෙකම ප්‍රාණ වුවත් මනුස්සයෙක් විදිහට පාක්ෂිකවත් සාංස්කෘතිකව බලද්දිත් දේශපාලනිකව බලද්දිත් 'ඒ මළේ නායකයෙකුට දාව උපන් යැයි කියන පිරිමි පරාණයක් ඇති පොඩි ළමයෙක්'. ඒ දරුවාගේ වටිනාකමට ඒ බාහිරාලේප සියල්ල නිසා යම් බරක් එකුත් වෙනවා මඟ අරින්න බැරි. පමා වැඩියි දැන් කියන්න පසු කතා. එත් කිව යුතුමයි අපි මේ පිරමීඩාකාර ලෝකේ ඉපදෙන්නේ කොතැනද කියන ඒකේ වටිනාකමක් තියෙනවා. වෙන අහසක ඔය සඳ පිපුණා නම් අදත් පායන සඳක් (උක්ත පැදි පෙළේ කියන්න හදන දේ එක්ක ඒකත් එක කරුණක් වෙන්න ඇති). පස්මහ බැළුම් හෙලා ඉපදෙන්න පුළුවන් කමක් තිබ්බා නම්... (එත් ජීවිතේ සුන්දර සමනොළ ගිරි හිස නොයෙකුත් දුර්ග තරණය කරන් නඟින එක මිස දඩුමොණරයක නැඟි වන්දනා මාන කිරීම නොවේ කියා මා සිතනවා... පහසුවත් විටෙක දුකක්.) මහාමයා මව් නොවෙන්න සිද්ධාර්ථ ඒ කුලයේ කුමරෙකු නොවන්න සමහර විට ඉතිහාසේ යම් තැනක් වෙනස් වෙන්න තිබුණා. යුද්ධයෙත් ආදරයෙත් අමිහිරත් දුකත් වන්නේ හැම දෙයක්ම 'පාක්ෂිකව සාධරණය' වීම නිසායි.

ඉපදීම කියන්නේ මරණයෙන් කෙළවර වන දෙයක්. අපි කවුද ඉන්නම ඉන්න ආවේ? ඒ කියලා හිත හදා ගත්ත අය දහසක් ඉන්නව. රතු ලේ ඇති කුලේ, ජාතියේ මව්වරු පියවරු දස දහසක් අදත් අඩනවා... එදත් ඇඩුවා. හෙටත් අඩාවි. දෙමාපියන් විදිහට තමාගේ පුද්ගලික දේට සිය දරුවන් මැදි නොකර අන්තිම පැය කිහිපයේවත් ඔවුන්ව අඩුම තරමේ ඔය කෑ ගහන අල්ලපු රටේ ආරක්ෂාවටවත් නොයැව්ව එකට අදත් අර නායකයාගේ හිත ඇතුලේ හිටපු 'අප්පාගේ හෘද සාක්ෂිය'(?) අඩා වැටෙනවා වෙන්නටත් ඇති.

ඔය සඳ 'වර නැඟි පායන බවින්' ගම්‍යවන්නේ කුමක්දෝ මන්දා? ඇඟිල්ල දිගු කර සඳ පෙන්නුවාට ඒ සඳ බලන සඳ මඟ කියන අතැඟිලි දෙස මුල් බැල්ම යොමු නොකළොත් පෙන්නන්නා පෙන්නන තැනත් බලන්නා බලන තැනත් දෙකක් විය හැකිය කියා සිතුණා.

තිසර

එහෙම තමයි ලිෂාන්, මිනිස්සු තමන්ගෙම කෙනෙක් උනත් මැරුණහම සදාකාලිකව ඒ මරණෙ සමග ජීවත්වෙන්නේ නෑ. සිදුවූ අසාධාරණයක් වෙනුවෙන් සාධාරණය සොයා යාම ඒ අසාධාරණයෙන් සෘජුවම පීඩ නොවින්දෙකුට අමාරු කටයුත්තක්, ඒ වගේම ඇස් නොපෙනෙන, කන් නොඇසෙන පාලන සමයක ඉතාම දුෂ්කර ක්‍රියාවක්. ඒ නිසා, නැගූ හඬ, හෙලූ කඳුලු මැකී යාම ස්වාභාවිකයි. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගත් ජාතියක් විදිහට ඒ සිද්ධීන් අතීතයට එකතු වීම ගැන කලකිරීමක් තියනවා. නමුත් මේ කිසි දෙයක් නිසා එදා නැගූ හඬ, හෙලූ කඳුලු වලට අඩු වටිනාකමක් ලැබෙන්නෙ නෑ.

රවා

කාලයෙ වැලිතලාවෙ මැකී ගිය පියසටහන් සොය සොයා යන අරුම ගමනක අපිත් කොටස් කාරයො වෙමු.. ලිශ් ආව බලලා යන්න කාලෙකින්..

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්