මනස්කාන්ත ය පුදුමය

111

මම දකිමි නුඹව
සිහිනයක සැරිසරන කල
අන්ධකාරයේ මා දැල්වූ පහන
නුඹ ජීවයට හුස්ම පුරන විට
හිතින් දැකුමද ඒ බව 
මනස්කාන්ත ය පුදුමය.

 

එපා හීනය බොඳව යන්නට
ඔබේ දෑසින් මම දකිනා
එළිලයි ඔබ ජීවය
පාරාදීසයට යන මා මඟ
ඉඩ දෙන්න ජීවය පුදන්නට
නුඹේ ජීවිත
  උදෙසාම

මනස්කාන්ත ය පුදුමය.

 

ජීවිතයට කමටහන් දුන්
ඔබේ ආලය
ඔබේ මුවින් පිටවූ වදනින්
මැවූ ඒ ලොව
සංස්පර්ශ කරවයි මා අනන්තයට ම

මනස්කාන්ත ය පුදුමය.

 

පොරොත්තුව ද ඔබය
ජීවය ද ඔබය
හදවත සිලෝ ගී ගයත්දී
කිසිදා නිම නොවෙන මේ ලොව
දකින්න ඉඩ දෙන්න
ඔබේ ඇසින්

මා සැමදා පෙම් කල

මනස්කාන්ත වූ පුදුම වූ…

 

(අ)සරණ

alone

හද රැඳුන හිත බැඳුන අත රැඳුන ස්වර බැඳුම
මුව කැලුම නෙත් බැලුම නතර වුන තැන ම කිම
නුඹ ගැනම හිත දවන රුව තවන දේ ගැනම
කෙසේ නම් අසන්නද ඔබ මගේ බව දැනම

ඔබ ගැනා ලෝදනා පුවතිනා විමසනා
කුමක පවසැයි කියා අස පොලෝ ගැටලනා
එනමුදුනි හිමිසඳුනි ඔබ කොහෙද නොම දැනා
ඔබ ගැනම කාගෙන්ද කොතැනින්ද විමසනා

අසරණා මාසිතට ඔබයි හිමිසඳු වුනේ
විමසනා අයට මා ඔබ ගුණම ගයමිනේ
දරමිනා විවිධ මත රට්ටුබස් අසමිනේ
කලමණා දේ කිමද කියන් මට දෙවියනේ

අභිසාරිකාශ්‍රමයක…,

dance

කරන්න ට කතාවක්
දකින්න ට වතාවක්
අසන්න ට ගීතයක්
දෙනවාද වෙලාවක්


වැසුණු අඩවන් නෙතින්
දකින්නට රිසි ලෝකයක්
මධුවිතකට ම හාමු කරවූ
අනඟ නර්ථන පුංජයක්



අඳුරේ දැල්වෙන අග්නි දල්ලක්
ලෙසින් රඟනා සුරූපිණියක්
තමන් සතු කර ගන්න ලොභවත්
පුදති රන්මසු කුවෙර කුමරෙක්



තැනෙක හිජ්රා නැටුම් කරවත්
කවති සනසති කුළිනෙක්
අපට උරුමැති හිජ්රා පහසයැ
කියත් තව එක් තැනෙක ගැමියෙක්

දෙදෙනාතර හිස්තැන නම් ගව්දුරකී

38

පාත ඉඳන් සැනසෙන්නට වරම් නැතී
ඉහළ බැලූ සඳ හිසට ම කඩා පනී
මම සෙනවියා ඔබ කුමරිය ලොව දෙකකී
දෙදෙනාතර හිස්තැන නම් ගව්දුරකී


මාළිගාව පැල්පත යැයි වෙනස් නැතී
පෙම්වත් බව කියාලන්න වරම් නැතී
ගේට්ටුවයි සඳලුතලෙයි තැන් දෙකකී
මේ පැති එක්තැන් කරනුයේ කෙලෙස සකී


පිවිතුරු බවෙ උරුමය නුඹ එය දනිමී
රන් මිණි මුතුහර හා කෙළිලමින් සිටී
කලු කමිසෙට පිත්තල බොත්තම් ඇමිණී
මගේ ලොවේ කිරුළන්න ට නොහැකි මිණී


නිහඬ සිහින් මම පෙම්වත් හීන දකී
මම කුමරා නුඹ කුමරිය සතුටු වෙතී
ආදරලොව පෙම් මල්දම් ගොතනු වැනී
සදාකලට නොලැබෙන පෙම් සුව විඳිමී

බලු පොරය තුල අපව කොයිබට...?

123


පුරවර සදිසි මහ මාළිගා හිස්
මුදුන් සිප ගත් රූප ඡායා
සිටුවලයි අප රවට ලන්න ට
කරවා අප හසු දැල ට මායා


මුසා බසකට නොවී රැවටිළි
නුවණ මෙහෙයා දෙවත් ඡන්දය
රට ට වැඩ ඇති නියම පුතෙකුන්
කරව් වැසියනි ලකෙහි නිරිඳුන්


නියම ලක් මව වැදූ පුතු ලෙස
රට ට පෙමැතිව සිතත් නම් තොප
නොකරවා පත් අමන නිරිඳෙකු
කරව් නිසි දේ නොවී අන්ලස


පෙරලෙස ම තැනුවොතින් අවීචිය
පෙරලෙස ම කෙරුවොතින් බිලිපුද
නවත්වන්නේ කෙලෙස අප සැම
බියෙන් සැඟවී සිටිනවා මිස


බිත්ති වැසිගත් උමතු හසරැල්
දෑත් එක්කර කරන නමැඳුම්
වේය අවසන් පසුව වරණෙන්
අප ය ඉන්පසු උන ගේ වහලුන්

Return top | ඉහත්තාවට නැවතත්