පෙම් ගිණුමක් හිස් වූ සඳ

Apple

ශේෂ නොමැති පෙම් ගිණුමේ
හර බැර දෙක සම නොවුනේ
හර බැර දෙක සමනැති කල
කොහොමද ගිණුමක් වූයේ

 

ඇය වෙනතක බලා හිඳී
මම ගල්කැට ගනී ගනී
හදවත් දෙක දුකින් පෙලී
යයි පෙම් ගිනුමත් ක්ෂය වී

 

ඈ හිත ලක රුපියල මෙනි
කොයි බැලුවත් එක තැන නැති
මම නම් මහ බැංකුව මෙනි
කවදාවත් සැලී නොසිටි

 

අසල තිබුණ තැම්පතුවක
බැරවිය පෙම් ගිණුම ලෙසට
ඇය දැන් නව පෙම් ගිණුමකි
ක්ෂය නොවනට සිතා සිටින

 

මා ගිණුමද විය ජංගම
අයිරාවිය මම මඟට ම
ඇගේ බැර කම මකාලන්ට
පෙම්ගිණුමක් සොයනෙමි මම

 

දැරියකි ඈ හිස් ගිණුමකි
මා වගේම බැරකම් නැති
තනි වූ මගේ හිස් ගිණුමට
ඇය හරි මම බැර කරගමි

15 ක් අදහස් දක්වලා.:

මයියා

මචෝ... රුපියල පා වෙන්න නොදි ස්ථාවරව තබා ගැනීම , මහ බැ0කුවේ වැඩක්...එහෙම උනට මචො ගැණූ තෙරුම් ගන්න නම් ම්හ බැ0කු අදිපති ටත් බැ..

Unknown

එකනං තේරුනා. මරු පද පේලිය..

ජීවිතේ මල්

හෆොයි.... පෙම් ගිණුම.. හෆොයි.... සංසාරේ...
@ යසෙල
මහ බැංකු අදිපති උනත් පොඩ්ඩක් මොලේ කම්පනා කලොතින් ගෑනු තෙරුම් ගන්න පුලුවනි ..:D

Rachintha Jayawardhana

පට්ට.මේකට මාතෘකාව වෙන්න ඕනෙත් "මිතුර, මේ කව පුදන්නේ නුඹ නමටය" තමයි!

Anonymous

මහ බැංකුවටත් ජාතික ප්‍රතිපත්ති නිසා වරදින අවස්ථා තියනව...
වරද මහ බැංකුවෙ වෙන්නත් පුළුවන්..

ගීත් (සහෘදයා)

අම්මප මේ වගේ අදහස් උබලට කොහෙන් එනවද මන්ද ? එල කිරි නොකියා වෙන කජ්ජක් කියන්ටද?

රවා

liSh අයියා පට්ට.. නියමයි.. මෙතනට ගිත් ඇවිල්ලා නෙද ...එයත් නියම කවියක් දාල ගිහිල්ලා බලන්නකො.. එකෙන් අයින් වෙලා මෙතනට ඇවිල්ලා මෙක කියෙව්වා විතරයි.. මට හිනා ගියා.. කතාව බොහොම උපහසයෙන් ලියලා තියනවා.. හිනා ගියා.. බැලින්නම් ආදරෙ ගිනුම ඔයාට සදාකාලික එකක් නෙමෙ, නෙද.. ගෙදර උන්දැ වෙන්න ඉන්න එක්කෙනා අල්ලන් මැරුවෙ නැද්ද මෙක දැකලා.. එයා තම දැකලා නැත්තම් බෙල්ලට මොකක් හරි දාගෙන ඉන්න....

වැප්

අද නම් කවියට ගිය දවසක් ද කොහෙද .... මරු කවි ටිකක් හම්බ උනා [ගීත් /උබ / සොඳුරු සිත]

ගල්මල්-Coral

අපූරු අදහස, ලස්සන පදවැල.

හැබැයි Adjustment JV එකක් පාස් කලෝත්...

මහ බැංකුවත් සමහර වෙලාවට Statistics නම් adjsut කරනවා ප්‍රථිපත්ති රකින්න!

විහඟ ගීතය

දිගු කාලීන ණයකි,
කල්ප ගනනක් ගෙවනා
විකල්පත් නැතියෙන්
ණය ගෙව ගෙවා හිදිනා..
අවසානයේ....
ගිනුම මෙන්ම
අපද
ක්ෂය වෙමිනා............

සි.එස් බණ්ඩාරනායක

Jay

අපූරු අදහස..

CD Athuraliya

ස්ථිර තැන්පතුවක පෙම් ගිණුමක් අරඹමු සබඳ...

LishWish

ස්තූතියි හැමදෙනාට ම මේ දවස් වල පොඩ්ඩක් කාර්ය බහුල නිසා වෙන වෙන ම හැමට උත්තර දෙන්න බැරි උනාට සමාවෙන්න..!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්