සුන්දරී මංජරී

කරදිය වලල්ල මත
කරක් ගහන සුන්දරී
සුන්දර ගීත ගයන
ඔබ මගේද මංජරී
ආදර පුදසුන ළඟ
වැඳ වැටුනත් පෙම්බරී
අපගෙන් අප ඈතද
නොදන්නෙමු සුපෙම්බරී


මද්දල තාලෙට
ඉඟ සුඟ නටවන සුන්දරී
තුති ගී ගයමින්
නුවරුන් පිනවන පෙම්බරී
මා හද ඔබගේ
යැයි නොම සිතූ හැඟුම්බරී
කිම එක් දින පෙමකට
සිත පිදුවේ මංජරී


මූදු හතෙන් එහ මම
දිගුකල් නැව් නැඟුනත්
එළඳුන් නොදැක නොවේ
ඔබහට පෙම පිදුවෙත්
රූබර ළඳුන් අතර
ඔබ මට රන් තරුවක්
මංජරී නුඹ මගේය
එය නොවෙනස් කවදත්

belly dancerb

10 ක් අදහස් දක්වලා.:

ජීවිතේ මල්

අත්හදාබැලීමකින් එහා ගිය මනා පද ගැලපුමක් සොයුර....
මෙවන් රස කව් තව ලියවේවා!
කවිටකට වඩා ගීතමය ගතියක් තියේ... ලස්සනයි./...

දිල්

හරිම අපූරුයි....ලස්සනයි

යෝගී...

මලේ කරුමෙට මට සිංදු කියන්ඩ බෑ බං.. බෙලෙක්ක සද්දයක් එන්නේ.
නැත්තං මං මේක කියවද්දි හිත‍ට දැනුන තාලෙට ගයනවා.. කවිය වගේම මේ පින්තූරෙත් උඹේ නිර්මාණයක් වෙන්න ඇති..

සියුම් සතුටක් දැනෙනවා , උඹේ නිර්මාණ එක්ක ජීවත් වෙද්දී.. ලියපන් තවත් අපිට බලා සැනසෙන්න

-ජය

CD Athuraliya

කවියකට වඩා ගීතයකට සමීප නිර්මාණයක්. ලස්සනයි!

ish

ආසයි..ලස්සනයි ලිෂ්..

Naya

අපූරු නිර්මාණයක්..

දැලි පිහිය

කවියක් කියම්දෝ ගීතයක් කියම්දෝ...
ඒ දෙකෙන් කුමක් උවත් මනා පද ගැලපුමක් ...ඇත්තෙන්ම අපූරුයි!

LishWish

ජීවිතේ මල්: ස්තූතියි මිතුරු..

මුචා: තන්කූ

දිල්: ස්තූතියි..! :)

යෝගී: ස්තූතියි අයියේ.., උඹලා වගේ අය නිසා තමා අපි මේ විදියට කියන්න අලුත් අදහස් ගන්නේ..! ස්තූතියි කොමෙන්ටුවට..!

CD Athuraliya : ස්තූතියි..! :)

ireshasy: ස්තූතියි ඉරේෂා..! මම අලුත් කවි වගයක් දැක්කා ඔයාගේ බ්ලොගේ.., නිවී සැනසිල්ලේ කියවන්න ඕනි.

නයා: ස්තූතියි..! :)

දැලිපිහිය : ස්තූතියි..!

ස්තූතියි හැමට ම ජයෙන් ජයම පතනවා..!

Amila Chathuranga

සා ලස්සන කවි..

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්