පවුකාර කවිය.

upl

දානය පිළිගන්නන කොට
අත ඇල්ලුවේ හිතලා නෙවී
ඒත් මුව රතු වූ හැටි
මම හොඳටම දැක්කා

දරාන ඉන්නට බැරි තැන මම
රෑ අහසේ තරු ගැන්නා
චංචලයි මා හිත
දරන්නට බෑ මටම ම,

නිතරම උඹව දකින්නට
ඕනේ උනාම මම ධර්මයට
හිත ලූවා

කිව්වම එක වරක් අල්ලා
දෙපා වඳින දෑතින්
ඇයි කම්මුලට ගැහුවේ
අකැපයි නේද ඕවා සාසනේට..?

අනේ මම ඇයි පරක්කු
ජීවිතේට, මට අහන්නට තියෙන්නේ
එක දෙයයි...........,
පාපය ආනන්තරීයයි, දෙයක් නැති කරන්න,
වෙනවා අහන්නට..,

ඇයි උඹ මහණ වුනේ උප්පලවණ්නා........?

5 ක් අදහස් දක්වලා.:

Rachintha Jayawardhana

නියම කවිය මචන්. මම දන්න තැනකත් ඔහොම සිද්ධියක් උනා. ඒ හැබැයි අනිත් පැත්තට. හාමුදුරු කෙනෙක් මගේ යාලුවෙක්ගේ නංගිට බුලත් කොලේක නොම්බරේ හූරලා දීලා. සිරා අදහස!

පිස්සා පලාමල්ල

වෙනස්ම විදියක අදහසක්...

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්