ගල්රෝල හා පින්තූරය.


oops

පළඟැටි වත

shu

 

මිදී නිසල් සක්මනින් ප්‍රවේග ගමනක යෙදී
මිදී සොඳුරු ප්‍රේමයෙන් සංකර ආලෙක බැඳී
මුක්ත වී එ සැලකුමෙන් පරිභවයට මුහුණ දී
මා ලොව පෙරැළමින් යයි කණපිටට ම දිනුම දී

 

මවුවත් ආලය අතහැර කාමුක ගතකට ඇදී
මලවි කරළියේ රඟමින ගතදලයෙන් පහරදී
නෙතට නුහුරු කඳුලු බිංදු ඒ ගතටම බාරදී
මා යමි ඉවතට ඇයගෙන් ඇයවෙතටම කඳුල දී

 

හිරු එළියෙන් උදම් නොවී පහන වෙතට පියඹා යන
නිලංකාර ආලෝකය සුරපුරකි'යි සිහින මවන
රිවි කිරණින් සොඳුරු නොවී පහනට ජීවය පුදදෙන
මා තව එක පළඟැටියෙකි පළඟැටියන් ලොව රජයන

මගේ කතාව

296173016_4ac249c1d

සුඛාන්තයෙන් අවසන් වෙන
ප්‍රේම කතාවක් දුටුවම
ඇස නොදැන ම ඇසට කඳුලු
එනු ඇයි නොදනිම්


ඈට මා මතක් වෙලාද
මා හට ඈ සිහිවෙලාද
අප හට අප මතක් වීද
කියාල නොදනිම්

සුන්දර දුර ඈත කලෙක
එකමත් එක රටක දිනෙක
කොල්ලෙක් කෙල්ලෙකු හට
පෙම් කල බව කීවයි

දරන්න බැරි ආදරේක
ආසිරිමල් වැස්සේ තෙමී
ප්‍රේම ලොවේ පෙම් මල්
අප එකට ම කැඩුවයි

කලක් ගෙවෙන කල මේ ලෙස
අවාසනාවක මහතට
මා මවුපිය දෙපළ ඇයට
අකමැති වූවයි

එදා පටන් හැමපෝයෙම
පායන පිවිතුරු පුන් හඳ
වැනි ඈ ගැන මා හිත්මල
සිතුම් සිතාලයි

එදා සිටිම අද වෙන තුරු
සුන්දර පෙම් කතා දකින
හැම විටෙක ම මගේ ඇසට
කඳුලු පැමිණ මගෙ මේ මුලු ලොවම  තෙත්කරයි

 
   

. . . !

womenface2


කැමති වන්නට පළමුවෙන්
අකමැති වූ සඳ
ඈත් වන්නට පළමුවෙන්
ඉවත් වූ සඳ
ඉවත්වන්නට පළමුවෙන්
නැවැත් වූ සඳ
ඉතිරි වූයේ
එකම එක දෙයයි
එයයි හිස් බව

පරපෝෂිතයා

imgname--giardia_lamblia_genome_sequenced---50226711--giardia

හම්බ කොරං
ආවම
අයියේ බඩගිනියි
කියං
මුලු බත්පතිං
බාගෙට වඩා
කන එකා


අද
මා දුටු විට

කියත්

“ අපිට හරි වියදං නෙව
ගනිං නෝනේ
සීනි ඇටයක් අල්ල ට
මේ කහට උගුර
බොන්න “

Return top | ඉහත්තාවට නැවතත්