අවසන.., සමාජය මට "..."වාදියා කීහ.....!

waa

මම සියලු දේ මිලදී ගතිමි
සමාජය මට "ධනවාදියා" කීහ.

මම ස්වයංපෝෂිත වීමට උත්සහ කලෙමි
සමාජය මට "සමාජවාදියා" කීහ.

වරක් දුගී පංතිය ගෙන කථාකලෙමි
සමාජය මට "කොමියුනිස්ට්වාදියා" කීහ.

හැමදේම විප්ලව කර ලබාගතයුතු බව පවසීමි
සමාජය මට "විප්ලවවාදියා" කීහ.

හැමදෙනා ට සම අයිතීන් ඇතිබව පහදා දෙන්නට ගොස්
සමාජය මට "ප්‍රජාතන්ත්‍රවාදියා" කීහ.

මේ කිසිවකට ඉඩ නොදේනම් සියළු දේ විනාශ කල යුතු බව කීමි
සමාජය මට "ෆැසිස්ට්වාදියා" කීහ.

මම කලකිරුණෙමි
හැම අදහසකට ම වාදීත්වයක් අරෝපනය කරන
මේ සමාජය
මට අපුලය .... .

මේ සමාජයෙන් මට ලබා ගත හැකිදෙයක් නැත
එබැවින් මම සමාජයෙන් ජනයා හරණය කිරීමට ඉටාගතිමි...

අවාසනාවක මහත...!

මගේ ඒක පර්ශ්වික චින්තනය ගැන ආරංචිය
කණින් කොණින් ආරංචි වී
අවසන...,
සමාජය මට "ත්‍රස්තවාදියා" කීහ.

8 ක් අදහස් දක්වලා.:

DragonD

එල සහෝදරයා ! එල !

Ajith

විශිෂ්ටයි. බොබ් මාලේගේ Get up-stand up ගීතයේ sick and tired of isms schisms සිහිපත් වුණා. කවියක් ලෙස ඊටත් වඩා විශිෂ්ඨයි. කවියේ අවසානය තරමක් දිග වැඩි යයි සිතේ. ඒ සමග එහි උත්ප්‍රාසය මතු වීම යටපත් වේදැයි සිතා බලන්න.
-W3Lanka

Chinthaka

අපූරුයි.
ෙම් දවස්වල නිතර කියවෙන ලිබරල්වාදියාත් ඒකතු කල හැකියි.

LishWish

@DragonD..ස්තූතියි සහොදරයා

@Para..ඔව් ඔබ හරි. අවසානය මඳක් දිග වැඩියි තමයි.
"
මම කලකිරුණෙමි
හැම අදහසකට ම වාදීත්වයක් අරෝපනය කරන
මේ සමාජය
මට අපුලය .... ."

මේ කොටස මා කවිය ලියන්නට ගනිත්දී ඉවත් කිරීමට සිතුවත්.. මා නොදැනුවත්වම කවියට එකතු වෙලා. ඉන් ඔබේ රසවින්දනයට බිඳකින් හෝ බාධාවක් වූවා නම් මාහට සමාවන සේක්වා.. ස්තූතියි ඔබේ අදහස් දැක්වුම ට.

@The Chinthaka.. ඔව් අනිවාර්යයෙන් ම.

Narada

රටේ හා යම් තත්වයක වැරද්දක් පෙන්වා දෙන කල්හි එයට ඩොලර් කාක්කා හෙවත් NGOවාදියා යන්නත් ආරෝපණ කරන්න පුලුවන්.


තමා මොන මොන මතයක් දැරුවත් මොන මොන දෙයක් කරත් සමාජය ඊට නම් පට බඳින ඒක වදයක් තමා.

Anonymous
This comment has been removed by the author.
Anonymous

මොනවා උනත් උබ මතුකරපු කාරනාව ඉතා වැදගත් මචන් සමාජයට සේවය කරන්න අමාරුයි කාඩ් එකක් වදින්නේ නැතුව

Nevi

වර්ණනා කරන්න වචන මදි...ඒ තරමටම මේක මගේ හිතට ඇල්ලුවා.. :)

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්