පොත් අතර හිරවූ ලව...........,


මිදී ඔය අසබඩ සිටීම ට වනපෙත අඬගසයි
නොදැමුණු ටාර්සන් වැනි මගේ හිත හමුවේ
ඇය රතු සෙබළියක ම වූවා ය
කළියුගය කට නිරාවරණය නොවූ ගම්පෙරළිය කට
හසු වූ පසු එය යුගාන්තයක් නොවී තියේද..?
අපේ ආදර කතාව මට තවමත් වස්සාන සිහිනයකි
එහෙත්..,
ඇය වෙනෙකෙකුගේ කූඩු කිරිල්ලියක් ම වූවාය.
මගේ හීන බ්‍රයිඩේ මර්ෆි ගේ අන්තරාභවය තුළ තැනූ
සංසාර මන්දිර මෙන් සුණුවිසුණු විය.
අතීතයේ මා ගිය
අමුතු ඉස්කෝලේ තුල ඇය දඟමල්ලක් ම විය

ඉරහඳ තරු මැද හිතන පතන යන්ත්‍ර වී ඇති
අපට 3001 දී වත් එක්විය හැකිදැයි
සැක පවතී.
එහෙත්..,
මේ රුදුරු බලුව හමුවේ මම
කෙසේ නම්
SS හමුදාවේ සහාය පතන්නද...?

එනමුත්
පංච මහා වාදයට මුහුණ දුන් මට ඔය විලම්භීත හොඳටම හුරුය.

එතෙක්..,
ඇඟිළි ගනින ඇඟිළි තුඩු සමඟින්
මා පෙම්කළ අරාබියේ දියෙණිය එනතුරු
මම.., ජුලියට් එනතුරු හිඳින රෝමියෝ මෙන්
පහසුවෙන් හිඳිමි.

nudebooker

9 ක් අදහස් දක්වලා.:

Kumara

එළ මචන් මගේ හිත තුන් හතර තැනකට අරගන ගියා මෙ කවිය

Narada

පොත් හරහා ප්‍රේමාලෝකයේ සැරිසරණයක්...

Chinthaka

'හිරු බැස ගිය පසු', 'සංසාරණ්‍යය අසබඩ' දී 'ලො‍ලිටා'වක් සමඟ 'අනුරාගයේ මුල්පොත' කියවන්නට ලැබේවා....

Anju

ලස්සන නිර්මාණශීලී කවියක්..

සයිමන් නවගත්තේගම

ඔබගෙ ජුලියට්
ඇත සිර වී රහස් කුටියක අඳුරු මාලිඟයෙ
නැත ඇය සතුව යතුර එහි සුවිසල් දොරෙ
ඇයට ඇසෙයි
විකෘති ශබ්ද ඉහලින්
විලාපයන් පහලින්
මතුවෙයි සැකය ඇය තුලින්
ඇය අසයි
මම මේ කොහෙදෝ?
රෝමියො ලගදෝ?
මගෙ දුරකතනය කෝ?
ගොසින් ඇයව බෙරාගන්න...

LishWish

@ Upul:
එහෙනම් මගේ උත්සහායේ ප්‍රතිඵල තියෙනවා කියා හිතෙනවා.

@ -බිன்ku-:
ඔව් එහෙම කියන්නටත් පිළිවන්..

@ The Chinthaka:
ඔබටත් එසේම වේවා චින්තක සොයුර.

@ Anju:
ස්තූතියි ඔබට..

@ විකටය:
දොර හරින්න යත්දී
ඇය
කුරුබිලියෙන් පිටවී
මා අතහැර යන්න ගිහින්..,
දුරකත සොයා තේරුනම් නෑ සොයුර..
අවසන ඒ
අඳුරු මාළිගය තුල
සිරකරුවෙකු වූයේ මා පමණයි..

සයිමන් නවගත්තේගම

plenty of fish in the sea

she's not the only one
there's always similar someone
she might not be the same one
but she might as well turn out to be a better one

you don't buy the first pc you see
you don't sing the first song you hear
you don't down the first movie you see
you don't love the first girl you prefer

be aware of all the products
touch quite a few if your able
try out one or two if there are any trials
purchase the one you feel suitable

one day in to your castle
the right one will enter with a candle
you'll fell in your bones a sudden tingle
make sure to ask are you single

ඩෝසන්

අන්තර් පොත් කවියක්!
ලස්සනයි.

LishWish

ස්තූතියි ඩෝසන් සොයුර

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්