එදා ලියූ කවි අද...?



[මේ අපෙ හිතවත් කතන්දරකාරයා පෙම් කවි ලියූ අයුර ගැන කියවමින් හිටි වේලාවේ හිතට කාන්දු වුණු පද පෙළකි.]

ලියන්න ඇති
කවි ටොන් ගානක්
දකින්න ඇති
හීන විමානයක්

ඒත් අද...,

මම කවි ලියූ
බාලිකාවියන්
ඇරෙන්න
ඒ කවි
ටීනේජර් අකුරෙන්
ලියපු
පරණ
පොත් ටික
විතරක් තාම
මා ලඟ


6 ක් අදහස් දක්වලා.:

Rachintha Jayawardhana

අනේ පව් ඒ බාලිකාවියෝ...උන්ට හොඳ කවි කාරයෙක් මිස් උනා

Narada

මටත් ඔය රෙද්දමයි, ඒත් බාලිකාවියෝ වෙනුවට බාලිකාව යන්නෙන් ආදේශ කරලා.

දැන් පොතත් නෑ බාලිකාවියත් නෑ.

දුකා

loku deyak ea poth tika wath taama tiyagena inna eka . . hik hik . .

malee_msg

බාලිකාවියන්ගේ හොද වෙලාව වෙන්න ඇති නැද්ද හිකිස්!

කතන්දර Kathandara

Thanks Lishan.

ඔය වයස දාසයේ දී පෙම් කවි ලිව්වාට, මං කතන්දර කාරයෙක් මිසක් කවියෙක් නෙමේ.

ඒත් මෙන්න මං වයස 22 දී ලියපු තවත් - මේ හා සමාන - කවියක්

වෙනස

මා දුටු සඳ
නැගුණු මදහස මුවට
වියලිලා ගොස් ය අද
ඔබ ද ඔබ?

ඔබ දුටු සඳ
දැනුණු සැනසුම සිතට
වියැකිලා ගොස් ය අද
ඔබ ද ඔබ?

කතන්දර කාරයා

Mark

මටත් ඔය හරියම තමයි, කවිත් නැහැ. බාලිකාවියත් නැහැ :|

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්