මව්වත් දුක


වයර දෙක
බැටරියට එක්කර
බල්බය තැබූ සැනින්
ආලෝකමත් විය
මා පුතු
මුව

අම්මේ මේ
යැයි පවසමින්
මා මට පෙන්වන්න ට
තනන්නී
වාරු නැති
අත් පා ළපටි
සලමින්

නැගිණ කඳුලක්
නෙතට
මා පුතු මේ
තනන්නේ
ඕ අනාගතය
නේදැයි
කියා

මට
එළි කරන්න ට
නො හැකිවුණු

4 ක් අදහස් දක්වලා.:

.::පිස්සා::.

Really, I can't understand this poem, Lish...

~බිன்ku~

Dude, No debt that your talents and your creations are great without taking back.

පිස්සා,
මා හිතන්නේ අත්පය හෝ යම් අංගභාගයකින් පෙරළනා මෑණියෙක් සිය (තුන්වන වසරේ හෝ ඊට අඩු වයසැති) පුතා බැටරියකින් බල්බයක් පත්තු කර සතුටුවන මොහෝතේ සිතනා සෙනෙහෙබර හැඟුමක් ගැන මාර අමුතු රටවාකට ලිෂානයියා ලියලා තියෙන්නේ.

LishWish

@ පිස්සා:
මචං මේ කවිය බැලූ සැනින් වච්නාර්ථයක් බලාපොරොත්තු වූවා නම් ඔබ මේ කවිය බැලීමෙන් කලේ කාලය අපතේ යැවීමෙකි. ඒ රසවින්දකයාට වචනවල ට වඩා වැඩි යමක් [සිතන්න ට දෙයක් ]මා මේ කවෙන් ලබාදීමට බලා පොරොත්තු වූ නිසා...! සරළව ගත් කළ කවිය යනු ප්‍රකාශන මාධ්‍යය කි. එය සඳැස් නිසඳැස් හා තවත් ආකාර බොහොමට කට බෙදා වෙන් කෙරේ...! එනයින් මේ කව ශෛලිය නිසඳැස් ආර ට නෑකම් පායි. තවද කවි රසවින්දනය කලයුතු ආකාරයන් ද කවි ශෛලියෙන් ශෛලියට වෙනස් වෙන නිසා මා අරමුණ මේ ලියැවිල්ලෙන් ඔබෙ අන්වබෝදය දුරු කිරීම යි.
දැන් අපි පළමු පද පෙළට යමු.

" වයර දෙක
බැටරියට එක්කර
බල්බය තැබූ සැනින්
ආලෝකමත් විය
මා පුතු
මුව "


පුතු මුව ආලෝක මත් වන්නේ වයරයට දෙක එකතු කර බැටරියා හා බල්බය සම්බන්ධ කිරීමෙන් ලැබෙන ආලොකයයි. මා මෙහි මුව ලෙසින් අදහස් කලේ දරුවාගේ කට නොව මුහුණයි...! ඕනෑම දරුවෙකු කුඩා කල දී නව අත්හදා බැලීම් වලට මනාපය. මේ ඉහත කවෙන් එළිවූයේ මා කුඩා කල මාතුල වූ [දැන් සැඟවී පවතින] ආසාවකි.., දරුවා මවට පෙන්වන්නේ ආලෝකය වුවත් මව ඉන් දකින්නේ දරුවාගේ ජීවිතයට මවට ලබා දීම ට නොහැකි වූ ආලෝකය යි.

"අම්මේ මේ
යැයි පවසමින්
මා මට පෙන්වන්න ට
තනන්නී
වාරු නැති
අත් පා ළපටි
සලමින් "


දරුවාගේ පරමාදර්ෂය අම්මා ය. තම ලොව අධිනිශ්චය වූ චරිතයකින් පැසසුම් ලබන්න ට ඕනෑම මනුසතෙකු මනාප ය. දරුවා අම්මේ මේ යැයි පෙන්වමින් කරන්නේ කල්පනා ලොවට සිර වූ ඕ සිත් මන තමා වෙත ට යොමු කරවා ගැනීම ය.

"තනන්නී
වාරු නැති
අත් පා ළපටි
සලමින් "


මෙහිදී තම වාරු නැති අත් පා සලන්නේ දරුවා ගේ ළදරු බව නිසා හැරෙන්න ට මවගේ ඌණතාවක් නිසා බව අප සිතට නොගත යුතුයැ. මක් නිසාද යත් වයසින් මුහුකුරා නො ගිය දරුවෙකුට තම අත්පා වාරු නැති වීම ස්වාභාවික හෙයිනි.
දැන් අපි තෙවැනි පද පෙළ ට යමු.

"නැගිණ කඳුලක්
නෙතට
මා පුතු මේ
තනන්නේ
ඕ අනාගතය
නේදැයි
කියා

මට
එළි කරන්න ට
නො හැකිවුණු "


කඳුලු නෙතට නැගෙන්නේ මවට ය. ඒ හේතු දෙකක් නිසා ය. එය මව තම දරුවා දක නගෙන සතුටු කඳුලු හා සුපහන් අනාගතයක් සහිතව සුජාත දරුවෙකු ට උප්පත්තිය ලබා දීම ට වූ නොහැකියාව අතර දෝලනය වන්නෙකි. මෙහිදී මා දරුවා හැඳින්වීම ට යොදා ඇති ආමන්ත්‍රණය ස්ත්‍රීලිංග ගෞරවාර්ථය කි. මෙහිදී රසවින්දකයා හට කවිය මුලදී පුතු පැටියෙකු වූ මේ දරුවා පසුව දුවණියෙකු වන්නේ කෙසේද යන්න ගැටලුවක් විය හැකිය. එයට හේතුව නම් උඩරට ජනවහර ට අනුව තමන් ට දාව ඉපදුනේ දුවක, පුතෙකු වුවද මේ දෙපිරිසට ම පොදුවේ ලබාදෙන උඩරට මවුවත් ආමන්ත්‍රණය නම් "පුතා" යන්නයි. මා එසේ යෙදීම ට හේතුව දැන් ඔබට වැටහෙන්නේ යැයි සිතමි.
ඉහත වූ පැහැදිලි කිරීම ඔබට උක්ත කව රසවින්දනය කර ගැනීම ට උදව් වූ වා යැයි, සිතමි.

ඔබේ වටිනා කොමෙන්ටුවට ස්තූතියි..! :)

.::පිස්සා::.

ස්තූතියි... නිසදැස ලියලා විචාරයකුත් කරාට..
මම කලාබර කෙනෙක් නෙමෙයි කියලා ඔයාට තේරෙනවා ඇතිනේ... ඒකයි මම එහෙම කිව්වේ...

අනිත් දවසෙත්, තේරුමත් යටින් ලිවුවොත් නම් මට තේරෙයි... හික් හික්...

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්