පාත ඉඳන් සැනසෙන්නට වරම් නැතී ඉහළ බැලූ සඳ හිසට ම කඩා පනී මම සෙනවියා ඔබ කුමරිය ලොව දෙකකී දෙදෙනාතර හිස්තැන නම් ගව්දුරකී
මාළිගාව පැල්පත යැයි වෙනස් නැතී පෙම්වත් බව කියාලන්න වරම් නැතී ගේට්ටුවයි සඳලුතලෙයි තැන් දෙකකී මේ පැති එක්තැන් කරනුයේ කෙලෙස සකී
පිවිතුරු බවෙ උරුමය නුඹ එය දනිමී රන් මිණි මුතුහර හා කෙළිලමින් සිටී කලු කමිසෙට පිත්තල බොත්තම් ඇමිණී මගේ ලොවේ කිරුළන්න ට නොහැකි මිණී
නිහඬ සිහින් මම පෙම්වත් හීන දකී මම කුමරා නුඹ කුමරිය සතුටු වෙතී ආදරලොව පෙම් මල්දම් ගොතනු වැනී සදාකලට නොලැබෙන පෙම් සුව විඳිමී
woooooow . .. me paara uba wenasma style ekakin liyala . .. elisamaya th rakala . . niyamai . . machaaaaaan . . .
ලස්සන අදහස් ටිකක් . ඔහොම යන්. හොද හොද සෙල්ලම් එලිවෙන්න ජාමෙට කිව්වලු. ලිෂා අයිය හොද කවිකාරයෙක්...
හ්ම්.. ඒක ඇත්ත.. ලස්සනයි..දුකා කිව්වා වගේ අද අමුතු විදියට ලියලා..හෙ හේ,, උඹ මට උක්ත ආඛ්‍යාත ගලපන්න කියලා දුන්නට මේකේ ඒක නෑනේ..(නිහඬ සිහින් මම පෙම්වත් හීන දකී මම කුමරා නුඹ කුමරිය සතුටු වෙතී) ඕක හරිද හැබෑට? මම මේ නොදන්නා කමට අහන්නේ... හැමදාමත් අයිති නැති දේවල් ගැනම ලියන්න එපා බොල.. අපිටත් දුක හිතෙනවානේ...
ලස්සනයි! :-D
කවි නොලියඬෙන, කවි කියවන්නට වත් නොසිතෙන දුරභික්ෂ සමයක සිටින මගේ සිත මේ කවියට නං ඇදී ගියා. තාලය නිසා විය යුතුයි. ස්තුතියි!රසික
වෙනස් අදහසක්...ලස්සනයි...!!!
@දුකා: ඔව් සහෝ මම මේ පාර පොඩ්ඩක් වෙනස් වෙන්න හිතුවා.@ රවා: හී හී..., අනිවා රවා. ස්තූතියි කොමෙන්ටුව ට.@ පිස්සා: කවියක තාලය රකින්න ගලායාම විඳින්න වියරණ රීති අපිට ඕනෑ හැටියට බිඳින්න අපිට බලය තියෙනවා. මේක මම හිතල කියපු දෙයක් නෙවෙයි. ජේ.බී සර් ගේ[ජේ.බී.දිසානායක] පොතක තිබිල කියවපුදෙයක්. ස්තූතියි මගේ වියරණ ගැන මේ තරම් අව්දියෙන් සිටිය ට, ඒ වගේම කොමෙන්ටුවට ත්. :)@LG:ස්තූතියි. එය මාව දිරිමත් කරවන සුළුයි.@සිනුවර හසුන:ලියන ශෛලිය ට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න හිතුවා.., ස්තූතියි අගැයුම ට.@ අන්ජු:ස්තූතියි ඔබට.
ලස්සනයි මේකේ වචන යොදලා තියන විදිය.
ලස්සනයි කොල්ලො......
9 ක් අදහස් දක්වලා.:
woooooow . .. me paara uba wenasma style ekakin liyala . .. elisamaya th rakala . . niyamai . . machaaaaaan . . .
ලස්සන අදහස් ටිකක් . ඔහොම යන්. හොද හොද සෙල්ලම් එලිවෙන්න ජාමෙට කිව්වලු. ලිෂා අයිය හොද කවිකාරයෙක්...
හ්ම්.. ඒක ඇත්ත.. ලස්සනයි..
දුකා කිව්වා වගේ අද අමුතු විදියට ලියලා..
හෙ හේ,, උඹ මට උක්ත ආඛ්‍යාත ගලපන්න කියලා දුන්නට මේකේ ඒක නෑනේ..
(නිහඬ සිහින් මම පෙම්වත් හීන දකී
මම කුමරා නුඹ කුමරිය සතුටු වෙතී)
ඕක හරිද හැබෑට? මම මේ නොදන්නා කමට අහන්නේ...
හැමදාමත් අයිති නැති දේවල් ගැනම ලියන්න එපා බොල.. අපිටත් දුක හිතෙනවානේ...
ලස්සනයි! :-D
කවි නොලියඬෙන, කවි කියවන්නට වත් නොසිතෙන දුරභික්ෂ සමයක සිටින මගේ සිත මේ කවියට නං ඇදී ගියා. තාලය නිසා විය යුතුයි. ස්තුතියි!
රසික
වෙනස් අදහසක්...ලස්සනයි...!!!
@දුකා:
ඔව් සහෝ මම මේ පාර පොඩ්ඩක් වෙනස් වෙන්න හිතුවා.
@ රවා:
හී හී..., අනිවා රවා. ස්තූතියි කොමෙන්ටුව ට.
@ පිස්සා:
කවියක තාලය රකින්න ගලායාම විඳින්න වියරණ රීති අපිට ඕනෑ හැටියට බිඳින්න අපිට බලය තියෙනවා. මේක මම හිතල කියපු දෙයක් නෙවෙයි. ජේ.බී සර් ගේ[ජේ.බී.දිසානායක] පොතක තිබිල කියවපුදෙයක්. ස්තූතියි මගේ වියරණ ගැන මේ තරම් අව්දියෙන් සිටිය ට, ඒ වගේම කොමෙන්ටුවට ත්. :)
@LG:
ස්තූතියි. එය මාව දිරිමත් කරවන සුළුයි.
@සිනුවර හසුන:
ලියන ශෛලිය ට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න හිතුවා.., ස්තූතියි අගැයුම ට.
@ අන්ජු:
ස්තූතියි ඔබට.
ලස්සනයි මේකේ වචන යොදලා තියන විදිය.
ලස්සනයි කොල්ලො......
Post a Comment