නිවන්නට
නැත ගිනිදැල්
සිතන්නට
හද හැමකල්
පිරවි ආදර කතා
අතරින් ගයමි
මම ගුණ ගී
නුඹේ
අලස ප්‍රේමය මත
පිපෙයි මම
විලස
සේකරගේ කවියක
(මේ miniකවියේ 18-12-2012 දින පල වූ "කවියක්" වැනි එකකි.)
චිත්‍රපටය බලලා ඉවර වුණාම ඔලුව ඇතුලේ කතාව ආරම්භ වෙන නෝලන්ගේ සිනමාව.!
-
සමහර චිත්‍රපට බලලා ඉවර වුණාම අපිට කතාව අමතක වෙනවා. තවත් සමහර චිත්‍රපට බලලා
ඉවර වුණාම අපිට එහි චරිත මතක හිටිනවා. නමුත් ක්‍රිස්ටෝපර් නෝලන්ගේ චිත්‍රපටයක්
බලල...
3 weeks ago
4 ක් අදහස් දක්වලා.:
වියැකෙන්න වෙර දරන
සියපතක අවසන් පෙත්ත
ගිනිදැල්ලකින් සිඳලන්න
වෙර දරනු කිම සබද....
මම සෑහෙන කල්පනා කලා මේක ගැන... හැලහැප්පිලි මොකුත් නැතුව නිස්කලංකව ගෙවෙන ආදරයක, ඒ කියන්නෙ කවියක් ලියන්නවත් බීජයක් (සිදුවීමක්) හොයාගන්න නැති තැනක....
සේකරගේ කවියක... මේකෙන් කියනන් හදන්නේ... කිසිම සිද්ධියක් නෑ කියලා පෙනෙන දෙයක් සම්බන්ධයෙන් කවි ලියන්නට සේකරට තිබූ හැකියාවද?.. තිතක් නැති කියන මාතෘකාවත් ගලපගන්න බැරි උනා.. වැරදි කොණකින්ද දන්නෙ නෑ අල්ලගත්තේ.
තිසර :
නිරාමිස සුවයක් ගැන කවි ලියන්න හරි අමාරුයි තිසර, ඉතින් මම උත්සහ කලා බිඳුවක්වත් සසල නොවෙන නිසලව ගලන ආදරයක් ගැන ලියන්න උත්සහ කරන්න..,
ආදරය ඉස්සරහ මම නිරුත්සාහකයි.., වෙනත් විදියකින් කිව්වොත් ආදරය ඉස්සරහ මම හරිම අලසයි.., හිමිකරගැනීමේ අලසාව නිසා වෙන්න ඇති මුල් පෙම ඉස්සරහ මම පරාජය ලබන්නෙත්.., ඔව් සේකර ගැන ආදරය ඉස්සරහ නිරුත්සාහකයි කියලා හිතුනා.., ඉතා කෙටි කලකින් මේ ලෝකයට ඇවිල්ලා, ඉතා කෙටි කාලයක් ඉඳලා, ඉතා කෙටි කාලෙකින් මේ ලෝකෙන් ගිය කෙනෙක් තමා සේකර.., ඒ කෙටි බව තුල තියෙන නිරාමිස බව සසඳන්න සේකර හැර ඊට ගැලපෙන්නේ අන් කවරෙක්ද?
ස්තූතියි!
ඒත් උඹ දන්නවනේ . . ජීවිතය ජීවත් කරන්නේ බලාපොරොත්තු සහ ආදරය . .
එහෙව් එකේ ජීවත් වෙන්න ඕන නිසාවත් ඒවා ලබා ගන්න අනලස් වෙන්න ඕන බන්
Post a Comment