◄ කරමු සක්මන් අනන්තය වෙත ►

_mg_4736

ඇවිද යමු අපි එකම පෙළට ම
අත් නොඅල්ලා මිරිකෙමින්
මුහුණ සඟවා එකිනෙකා වෙත
සිනහ වී අහකට තුටින්


පෙර මැවූ ඒ සිහින මාළිග
තියා තිබු තැන එලෙසකින්
ඇවිද යමු අපි අනන්නතය වෙත
පෙම කිමැයි නොම දත් ලෙසින්


ලොවේ ඇති බෝ දේම විමසා
සිටින්නට දැනුවත් බවින්
අත හැරලා ආදරය නම් දේ
ඉමුද අපි අපේ පාලුවෙන්

කරමු සක්මන් අනන්තය වෙත
අතීතය සිහිකර තුටින්
මුහුණ සඟවා එකිනෙකා වෙත
සිනහ වී අහකට තුටින්

9 ක් අදහස් දක්වලා.:

Anonymous

එළස්, මස්සිනා..
මේක සිංදුවකට හොදයිනේ..

චමිදේවා

ම්ම්ම්..නියමයි ලිශ්...

හෙළයා

ලිශා ම්චං. මේකනම් හරිම අපූරැයි. ලස්සනයි

ඉලංදාරියා

ලස්සන්යි..ලොකුතේරුමකුත්..මට දැනෙනවා.....

රවා

සිහින මාළිග කොහෙන්වත් තියන්න ඔනැ නැහැ...
ලොවෙ ඇති දැනුම ගන්නත් ඔනා..
දෙකම කරන්න පුළුවන්..
අනන්තයට යන්න ඔනා නැහැ..
ප්‍රශ්නයක් නම් බෙදා හදා ගනින්..
නිකමට නම් ලිව්වෙ නියමෙටම නියමයි. තව මුකුත් ඉගෙන ගන්න එපා.. .. හරිද ඔන්න මං ගියා..
ලිශ් අයියව කාලෙකින් දැක්කෙ කවි අතර...

CD Athuraliya

බරපතල කතාවක් වගේ...

හුටපටයා

ඇවිද යමු අපි අනන්නතය වෙත
පෙම කිමැයි නොම දත් ලෙසින්
මේ පද පේලි දෙක නම් මාරෙටම හිතට වැදුනා මචන්. මේක මටත් සමීපයි වගේ. හොද නිර්මාණයක් . . . .

දුකා

ඔව් කොල්ලෝ . . . විරහව බොහෝම වේදනාකාරීයි . . .


වියෝ වූ අය අහම්බෙන් හරි මඟ තොට මුන ගැහෙන එක විරහවට වැටිය වේදානාකාරීයි . .

LishWish

@ පිස්සා: ස්තූතියි සහෝ.

@ චමීදේවා: උඹ අලුතින් මොනවත් ලියන්නේ නැද්ද හැබෑටම..?

@ හෙළයා: ස්තූතියි මචං.

@ ඉළංදාරියා: දැනෙනවා නං එච්චරයි සහෝ..! :)

@ රවා: ඔව් මල්ලී මේ දවස් වල වැඩ වැඩී ඒකයි..!

@ අතුරලිය: හ්ම්ම්

@ හුටපටයා: මේක ලියන්න මම වෙන එව්වාට වඩා ටිකක් කල් ගත්තා ඒන නිසා වෙන්න ඇති.

@ දුකා: ඒක නම් ඇත්ත දුකා අයියේ..!

බොහෝම ස්තූතියි හැමදෙනාට ම..!
ජයෙන් ජය ම පතනවා..! :)

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්