ගබ්සා වූ සුරඟන වෙත සෙනෙහසිනි..!

scan_0802

හදට නොතියා
බර අඩි
වායු පා යානයක්
සේ නිතර
වඩින තුරු
මෙලොවට
තුටු මල්
ඉසිමින්
දෙ හදවත්
අතර
එතෙර මෙතෙර
ගිය

නුඹ

නොමැති කල
දැනෙන
වේදනාවට
බෙහෙත්
නොකියා ගියේ
කිම
ආතුර වූ
අප
හිත් වලට
..?

10 ක් අදහස් දක්වලා.:

මෝඩයා

අගනා නිර්මාණයක්....

Jay

නියමයි ලිශ්..

පබලු

හරිම ලස්සනයි ලිශ්>>

Pathum Punchihewa

අපරිමිත ආසාවකින් බලාපොරොත්තු වුනු දරු පැටියා ගබ්සා වුනහම දැනෙන වේදනාව අපූරුවට උඹ පද කීපයකින් පෙන්නලා තියෙනවා සහෝදරයා...

Tuck Dias

නියමයො මචං. සිරාවට ලස්සනයි.

වන්නි

වදන් නෑ බං ඔය ගැන ලියන්න... උඔ වචන ටිකකින් ලොකු කතාවක් කියලා තියෙනවා...

malee_msg

කෙටි උනාට ගති බං.

LishWish

බොහෝම ස්තූතියි අදහස් දක්වපු හැමදෙනාටම. ජයෙන් ජයම පතනවා..! :)

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්