සුළඟ

wind

වෙනදාට සනසවා
හමන නුඹ
අද පමණක් නාවේ
කිම..?
උරහිස් අකුලා දෑත් බැඳ
සිටින සඳ..,
මට සිසිලක් දෙමින්
මා පසුකර
හමා යන සඳ
නුඹ වෙනුවෙන් ම
මම
සියලු බැඳීම් ළිහිල් කර
සිටින සඳ,
මා සනසවන්නට නාවේ
කිම
?

 

 

 

 

පසු කියැවුම

නුඹත් මා පෙම්වතිය වැනිවී
නූමනා කල ළඟින් සිටිනා
ඇවැසි කල අස සේයාවකුදු නැති

5 ක් අදහස් දක්වලා.:

Rachintha Jayawardhana

මට කවියට වඩා දෙසැම්බර් 26 පොඩ්ඩක් දැනෙන ගතියක් තියෙනවා.

පූසා

මොකක් නිසාද මන්දා මේක මම කලින් කියවලා තියෙනවා කියලමයි හිතෙන්නේ! 'පසු කියවුම' නම් තදින්ම මතකේ තියෙනවා.....

ලිශාන් අයියා මේක කලින් කොහේවත් ලිව්වද?

duliponline

මුචලින්ද කියපු ටිකම තමයි මට කියන්න තියෙන්නෙත් . . . . .දෙසැම්බර් 26

ලහිරු

ගොඩක් හිතට දැනෙන දෙයක් අය්යේ...

Lishan Puwakovitage

මුචා: ඔව් 26 කියන්නේ පොඩ්ඩක් දැනෙන දවසක් මට. ඒ නිසා වෙන්න ඇති.

පූසා : මේ කවිය මචන් මම facebook එකේ වළාකුලේ පෝස් කල කවියක්..,

ඕනයා: හ්ම්ම්..!

ළහිරු : ඔව් වෙන්න ඇති මචන්..!

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්