Boa Sr හෙවත් අවසානයක අවසානය



කියනා කිසිත්
අසන්නට කෙනෙකු නැති කල
කියනා කිසිත්
දන්නා කෙනෙකු නැති කල
කියනා කිසිත්
තේරෙන කෙනෙකු නැති කල
මියෙන්නා හැර
කලයුතු දේ අන් කිම..,

දන්නා කිසිත්
බෙදන්නට නොහැකි කොට
බෙදනා කිසිත්
විඳින්නට නොහැකි කොට
විඳිනා කිසිත්
බෙදාගන්නට කෙනෙකු නැති කොට
මියෙන්නා හැර
කලයුතු දේ අන් කිම..,

පසු සටහන
Boa Sr යනු වසර 65000 කට එපිට ඉතිහාසයක් සහිත අන්දමන් දූපත් වල වෙසෙන "බෝ" ගෝත්‍රයේ ජනයාගෙන් ආවේනික "බෝ" භාෂාව කතා කල අවසාන සාමාජිකාවයි.., අන්දමන් දූපත් වලට ගොඩ බැසි බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයින් අතින් බොහෝ "බෝ" ගෝත්‍රික ජනයා සංහාරයට පත්විය. ස්වභාව ධර්මයා සහ ඉතා සමීප සහ සම්බන්ධයක් ගොඩ නඟාගෙන ජීවිතය ගෙන යන "බෝ" ගෝත්‍රය මේ වන විට ජීවත් වන්නේ මුලු ලෝකයේම 56 දෙනෙකු තරම් සුළු පිරිසකි.
කතා නායිකාව වන Boa Sr මහාචාර්ය අත්වීතා අබ්බී හට හමු වී ඈ හා අදහස් බෙදාගන්නා විට තමන් සිය ආවේණික බසින් සිය අදහස් බෙදාගන්නට කෙනෙකු නොමැති වීම නිසා ඉතා දුකින් හා සාංකාවෙන් සිටි බව සැලකර සිට ඇත..,

Boa Sr, 1925 දී අන්දමන් දූපත් වල ඉපිද වසර 85ක් ආයු වළඳා 2010ක් වූ ජනවාරි මස 25 වන දින ඉන්දියාව ආශ්‍රිත නිකොබාර් දූපත් හිදී රෝගාතුර ව මෙලොවින් නික්ම ගියා ය. 
ඉහත සටහන, තනිකම ජීවිතය කරගත් Boa Sr ගැන සිතා රචකයා විසින් ලියන්නට යෙදුනු නිසඳැසකි.

Boa Sr පිළිබඳව ජාල ගත වූ වෙනත් ලිපි
ගූගල් සෙවුම ► http://is.gd/4SHbXR
විකී පීඩියා ► http://is.gd/kFDa8y
ද ගාර්ඩියන් පුවත් අඩවිය ► http://is.gd/sbubh1
බීබීසී පුවත් අඩවිය ► http://is.gd/Puk0rO

7 ක් අදහස් දක්වලා.:

SRIshanu

කියන දේට අමතරව වචන ඩිංගිත්තක් පමණක් භාවිතා කිරීමෙන් ක්‍රමයෙන් ක්ෂයවෙලා නැත්තටම නැතිවෙලා ගිය බෝ බස ගැන හොඳට දැනෙනව. අපූරුයි!

Malya

වෙනු කෙලෙස විස්මය
කියන්නට බොහෝ අය ඇති
අසන්නට බොහෝ අය ඇති
දනතර මටත් දැනෙනා සඳ
සාංකාව
කියන්නට කිසිත් නැති බව
අසන්නට කිසිවෙකුත් නැති බව
මියෙන්නට මිසෙක
වෙනත් මගක් ඇති බැව්
මටත් නොහැඟෙන විට....
දයාබර bo sr
ඔබට සංකාව දැනුනේ
පනස් සය දෙනෙකු 'තර වුව
මට එය දැනෙන්නේ කෝටි
ගණනක් අතර මැයි....

දුකා

සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුලු ලොවක භාෂාවකට ජාතියකට වුනත් ඒක පොදුයි බන් . . .

Anonymous

කවදා හරි සීංහල භාෂාවටත් ඔය ටිකම වෙයිද මන්දා

"මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්

PM

මේ ලොකේ මොකක් හරි එකක අන්තිමයා වෙන එකත් වාසනාවක් කියලා හිතන්න පුළුවන්නේ. අනෙක මේ ලොකේ ලොකු නිසා හුඟාක් දේවල් ඉවර වෙනවා පෙන්නේ නෑ. එහෙව් එකේ ඇ සතුටු විය යුතුයි. කිසිදෙයක් හැමදාම පවති යෑ

PM

මේ කොමෙන්ටුව අර උඩින්ම ඉන්න ගැනු දැරිවිට

Unknown

වසර 2012-11-08 දින ආරම්භ කරන ලද ගුරුගෙදර වෙබ් අඩවියට පැමිණී ඔබව සාදරයෙන් පිළිගනිමු.වැඩි පාඨක පිරිසක් වෙත යාමට අදම ගුරුගෙදර හා එක්වන්න www.gurugedara.org ඔබට හැකි නම් ඔබ මෙතෙක් ලියූ හොඳම ලිපි කිහිපය gurulugomi2014@gmail.com හරහා අප වෙත එවන්න.
www.gurumag.blospot.com

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්