මෙව්වා එකට පසු AKA අයං වස්සාන කාලෝ

මේ නිහඬ බව
අකුනු සහිත වැස්සක
පෙරනිමිත්තක් වුවත්
මම ඒ අකුණු ගැසීම් අතර වන
ක්ශුද්‍ර විවේකයන්ට
පෙම් කරමි

සැන්දෑ භාගයේ හෝ
රාත්‍රී කාලයේ
සයනය මත ඇතිවන නුඹේ
ගිගුරුම් ගෙරවුම් වලින් පසු
විටින් විට ඇතිවන කුඩා වැසි
සමඟ උපදින
ප්‍රේමෝස්මූර්ථියෙන් පසු
උදාවන නිහඬ බව
මට
දාහෙන් සම්පතක
නිවනක් වන හෙයිනි.

සුසුම් වැල් ගලායයි
හෙටත් මේ වේලාවට ම, මේ සයනයේ
නාරිලතා මල් පූදින නිසා
මේ අලුයම;
නිදන්නට සුදුසුම වේලාවයි.
 
 
පසු ලියමන : වැසි කාලයන්හී ළිං වලින් ස්නානය ප්‍රතිශ්‍යාවන් ඇතිකරයි, නොපමාව වැසි ආවරණ භාවිතා කරන්න. 

9 ක් අදහස් දක්වලා.:

සිහින

කියවගෙන යද්දි මතකෙට ආවෙ එකම එක පද පෙලයි..

මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි...

Amila Chathuranga

වැහි කාලෙට ටොයිලට් වලවල් උතුරනවා අනේ..එතකොට අප්පිරියයි නාන්න..

මාරයාගේ හෝරාව

රේන් කෝට් දාලා නාන්න කියලද මල්ලි මේ කියන්නේ...?

Lishan Puwakovitage

සිහින : කිසිවක් නොකියමි..

අමිල චතුරංග : කොළඹ සන්නිය වගේ ;)) #youknowwhatimean

මාරයා : සාපේක්ෂයි මාරයියා.. සාපේක්ෂයි..

කෙන්ජි: එසේම වේවා..!

samakayawate

රේන් කෝට් දාල නානකොට ගතියක් නෑ.. ඒත් නොදන්න ලිං වලින් නානකොටනම් දාන්නම වෙනවා. නැත්තං කපෝති.

Kenji @ Japan

පස්සෙ බිබිලි දාල කසනවද සම,
බොර ලිං වලින් නෑවම නලියෝ?

Manasindiviyata

අනේ මන්දාමොනවා කියන්නද?

~ChAnDiKa~

හෙටත් මේ වේලාවට ම, මේ සයනයේ
නාරිලතා මල් පූදින නිසා
මේ අලුයම;
නිදන්නට සුදුසුම වේලාවයි.

Dulan

hakz
pasu satahana tamai patta

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්