පහනෙන් ආ යකා

ඔබට ඕනේ
ප්‍රාණයක්ද/ භූමියක්ද/ ප්‍රේමයක්ද??


දෑත් පිරිමැද ඇසුවාම ඔහු
මට මතක් වූයේ ඈව

මට ඕනේ ප්‍රේමයක්
මඳක් පහදන්න දරුව..
ඌ එසේ කීවිට මම
මට "එයාව" දෙන්න

එසේ කියා ඉල්ලුවිට

රකුසු මූණක් මවාගෙන

"යකෝ තෝ ඕක
ඉල්ලන බව දන්නවා නම්
මම එන්නේ ම නෑ එලියට
මලාට"

නැවත ආපසු
යන්නට හැරී ඌ
කී ය මෙසේ මා හට

"මේ උලව්ව අතුල්ලන වේලේ උඹ
වෙන එකක් ඇතිල්ලූවා නම් තව
මෙලාකට කර්තව්ය නිම කර
සැපට නිදි නේද එහෙම ඕසෙට..?

අහෝ තනිකමක දුක...

•ඇලඩීන්•

12 ක් අදහස් දක්වලා.:

දේශකයා

අපොයි තනියම අතුල්ලන කතාවක් නේද?? උපමාව එළකිරි

Unknown

දෙවියන් ප්‍රේතයන් භූතයන් මෙන්ම පිරිනිවන් පෑ බුදුන් ද , ඇණ ගැසූ ක්‍රිස්තූන්ද නිරන්තරයෙන් අපහසු තාවට පත්වන්නේ ප්‍රේමය සම්බන්ධ ඉල්ලීම් වලින්ය.

Unknown

ප්‍රේමය හමුවේ යක්ෂයාද භූතයාද අසරනයෝ වෙති."දේව දූතයොත් හඬා වැටෙනවලු මල් පෙති ඉහිරුනු පාර දිගේ"

Sandstorm

දෑත් පිරිමැද ඇසුවාම ඔහු
මට මතක් වූයේ ඈව

මට ඕනේ ප්‍රේමයක්
මට "එයාව" දෙන්න...

සුදීක

ඇලඩින් ඇලඩින් පහණ දීපං. රැකියාවක් ලැබුණා මෙන්න අහපන් කියන එම්.එස්.ප්‍රනාන්දු මහත්මයාගේ ගීතය මතක් වෙනවා.

Dulan

//අහෝ තනිකමක දුක...

Thanikama Dukak nowa Sapathaki Athata :)

Amila Chathuranga

ඒක ඇර අතුල්ලන්න තිබෙන වෙන එක කුමක්ද?

මානවක

පට්ටම ලයික්.මටත් කවියක් ලියන්න කිතියක්‌ ආවා.

සත්තමයි මට මතක් උනේ ඈව
රෙද්ද
කොහොමද පිරිමදින්නේ
වෙන එකක්
හිත පුරෝලා ඈ ඉන්න කොට

භක්ති ආරියපාල

අනේ අපොයි ඒකටත් බුදුරජානන් වහසේ ගාවගෙන. නෙරන්ජි වගේ මන්ද බුද්ධිකයො හිතාගෙන ඉන්නෙ මේ ලෝකෙ හැම දේම තමුන් දන්නව කියල

නාඩියා නාඩිරත්න

ලොවේ ඇති ලොකුම සැපත! තනිකම!

තිසර

භූතයොත් බය නම් "එයාට"
උඹවත් දාවි පහනක් තුලට
අතුල්ලා ඕන ඕන වෙලාවට
එළියට අරං වැඩ ගන්ට

සංකල්ප

තනිකම සැපතක් !

Post a Comment

Return top | ඉහත්තාවට නැවතත්